දේශීය පුවත්

තමන් ජනාධිපති ධුරයට පත් වූ විගස යුද්ධයට හසු වූ උතුරු නැෙඟනහිර පළාත් සංවර්ධනය කිරීම සඳහා ඒ පළාත් දෙකට වෙන වෙනම ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පවත්වා ඒ ඔස්සේ මේ පළාත් සංවර්ධනය කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (30 දා) දහවල් වවුනියාවේදී පැවසීය.

ජනාධිපතිවරණයේදී වවුනියාවේ ජනතාවගේ සහාය ලබා ගැනීම සඳහා ජනහමුවක් වවුනියාව කුරුමන්කාඩු යංග් ස්ටාර් ක‍්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී ජනතාව ඇමතූ සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයා එසේ කියා සිටියේය.

එහිදී තවදුරටත් කතා කළ සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේ යුද්ධයේ කුරිරු බවත් ඉන් ඇතිවන වේදනාවත් තමන් ඇතුළු පවුලේ සියලූ දෙනාම අත් විඳ ඇති නිසා යුද්ධයෙන් පීඩාවට පත් වූ සියලූ ජනතාවගේ ජීවිත නංවාලීමට විශේෂ වැඩසටහනක්ද ජාත්‍යන්තර ආධාර සමුළුවලට අමතරව පවත්වන බවය.

උතුරු පළාතේ විශාල පිරිසක් යුද්ධය නිසා ස්වාමි පුරුෂයන් අහිමි වී කාන්තා ගෘහමූලික සමාජ ක‍්‍රමයක් ගත කරන නිසා ඒ කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.

තමන්ගේ අරමුණ ජාති භේද ආගම් භේද හා කුල භේද වලින් තොර රටක් නිර්මාණය කිරීම බව කී සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයා සියලූ ජනතාවගේ සහභාගිත්වයෙන් හා එකමුතුභාවය තුළින් සංහිඳියාව එකමුතු බව මිත‍්‍රශීලී බව සුරකින යුක්තිගරුක හා සදාචාර සම්පන්න ජන සමාජයක් ගොඩ නඟන බවද පැවසීය.

2025 වසර වන විට මේ රටේ සෑම අයකුටම භූමියක අයිතිය සමග නිවසක අයිතිය ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් ඒ සඳහා යොදන ලද මූලික අඩිතාලම මේ වන විට උතුරු පළාතේ සිදුවන නිවාස ඉදිකිරීම් කටයුතු දෙස බලන විට පෙනී යන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

උතුරේ වවුනියාව ප‍්‍රදේශයේ සෑම පළාත් පාලන කොටසක්ම නියෝජනය වන පරිදි විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා ඉදිකොට ඒ තුළින් ඒ ඒ පළාත්වල තරුණ තරුණියන්ගේ රැුකියා ප‍්‍රශ්නයට විසදුමක් ලබා දෙන බවත් තාක්ෂණික පාසල් ඇති කොට මේ පළාත් වල යෞවන යෞවනියන්ට ඩිජිටල් තාක්ෂණයෙන් පිරුණු නව තාක්ෂණය හැදෑරීමට අවස්ථාව සලසා ඒ තුළින්ද ඔවුන්ගේ රැුකියා ප‍්‍රශ්නයට විසදුම් ලබා දෙන බව ද ඔහු පැවසීය.

මේ අවස්ථාවේදී පැමිණ සිටි ජනතාව අමතා රිෂාර්ඞ් බදුර්දීන්, එම්. ඞී. ස්වාමිනාදන්, පී. හැරිසන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් යන අමාත්‍යවරු ද විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය ද තවත් කීප දෙනෙක්ද කතා කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More