දේශීය පුවත්

හොරකම නතර කරන්නේත්, හොරු අල්ලන්නේත් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරේදා පොළොන්නරුවේදී පැවැති ජන හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් කතා කළ අනුර දිසානායක:

‘‘අප මෙතනට ආවේ, අපේ රටේ යල්පීනූ අසාර්ථක දේශපාලන කඳවුරු දෙක අතහැර දමා නව දේශපාලන ව්‍යාපාරයකට බලය ලබාදෙන්න කියන ඉල්ලීම ඔබගෙන් ඉල්ලන්නයි. රට හදයි කියන බලාපොරොත්තුවෙන්, 1994 දී හිතුවා විහාරමහාදේවි ඇවිල්ලා අපේ රට ගොඩදායි කියලා. අවුරුදු දහයක් ගතවන විට තිබුණාටත් වඩා ප්‍රපාතයකට එයාගේ ආණ්ඩුව රට ඇදල දැම්මා. 2005 දී කල්පනා කළා දුටුගැමුණු ඇවිල්ලා අපේ රට ගොඩදායි කියලා. අවුරුදු දහයක් යනවිට තිබුණාටත් වඩා ප්‍රපාතයකට රට ඇදලා දැම්මා. ඊට පස්සේ කල්පනා කළා පොළොන්නරුවෙන් කෙනෙක් ගේන්න. පොළොන්නරුවේ ගැමියයි, ආසියාවේ ලොකුම මොළෙයි එකතු කරලා හැදුවා ආණ්ඩුවක්. දැන් මොකද වෙලා තියෙන්නේ? අපේ රට තව තවත් ප්‍රපාතයට ගිහිල්ලා’’ යැයි ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර දිසානායක පැවැසීය.

‘‘දැන් එකක් කියනවා දුටුගැමුණුට බැරි වුණාට එයාගේ මල්ලි හදයි කියලා. තවත් අය හිතනවා තාත්තාට බැරි වුණාට පුතා හදයි කියලා. දශක කීයක් මේ රට හදයි කියලා තනි තනි නායකයෝ පස්සේ මේ රටේ ජනතාව ගියාද? ඒ හැම වතාවේම ඉතිරි වුණේ අපේක්ෂාභංගත්වය විතරයි. හිතුවදේට පටහැණි දේ තමයි සිද්ධ වුණේ. ඒ නිසා අපේ රටේ ජනතාවට වුවමනාවටත් වඩා අත්දැකීම් තිබෙනවා. මේ රැවටිලිකාරී, වංචාකාරී දේශපාලන පක්ෂ දෙකම අපේ රට විනාශ කළ බවට හා තවදුරටත් මේ රට ඔවුන්ට හදන්න බැරි බවට. අපේ කුඹුරුවල වඩුකුරුල්ලා කූඩු බඳිනවා. අපි පොඩි කාලෙ වඩුකුරුල්ල කූඩු බැන්දෙ කොහොමද? එදා කූඩු බැන්ද විදියටම තමයි දැන් බඳින්නෙත්. තව අවුරුදු සීයක් ගියත් ඒ විදියම තමයි. මී වදය මීට අවුරුදු දහස් ගණනකට පෙර බැන්ද විදියටම තමයි අදත් හෙටත් බඳින්නේ. මේ පාලකයොත් එහෙමයි. අවුරුදු 71 ක් මේ රට පාලනය කරලා, තව පනහක්, සීයක් පාලනය කළත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් මොකක්ද වෙන්න ඕනැ. අපේ රටේ අර පාලකයන් වෙනස් කරන්න ඕනෑ. මේ රට ගොඩනඟන්න අවශ්‍ය වන පාලනයක් අපි හදාගන්න ඕනෑ. අපිට දෙන්න අපි මේ රට හදනවා. අපේ රටේ පොලිසියට නීතිය ඉටුකරන්න බැරිවෙලා තියෙන්නේ ඇයි? දේශපාලනය නිසා. අපේ රටේ සෑම අපරාධයක්ම සොයාගන්න පොලිස් දෙපාර්තමේන්තුවට ලසන්තගේ, එක්නැලිගොඩගේ, තාජුඩීන්ගේ ඝාතනය සොයා ගන්න බැරිවුණා. ඇයි ඒ? ඒ සියල්ල කළේ දේශපාලකයෝ නිසා. දියුණු රටක් හදන්න නම් නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වන රටක් ඕනෑ. නීතිය වල්වැදුණු කිසිදු රටක් ලෝකයේ දියුණු වෙලා නැහැ. අපි නීතියේ සාධාරණත්වය හැමටම ඉටුවන පාලනයක් හදනවා කියලා අපි ඔබට සහතික වෙනවා.

මම ජනාධිපති වුණු ගමන් නොවැම්බර් 17 වෙනකොටම කරන පළමු ප්‍රකාශය තමයි 2020 ජනවාරි 17ට පෙර ජනතාවගෙන් හොරා කෑ මුදල් නැවත ගෙනත් භාරදෙන්න කියලා, හොර දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින එක. මාස 2 ක් කල් දෙනවා. භාරදුන්නේ නැතිනම් අපේ පාලනයක් යටතේ ඒවා අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නවා. රට හදන්න නම් හොරකමයි නාස්තියයි දෙකම නතර කරන්න ඕනෑ.’’මේ රටේ ජනාධිපතිට රට වටේ මාලිගා හත අටක් තිබෙනවා.මොකද මේගොල්ලො භූත අත්මද? අපි මේ අනවශ්‍ය මහජන මුදල් නාස්තිය වහාම නතර කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More