දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර ඊයේ (30 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ආරම්භ වන අද (31 වැනිදා) දින තැපැල් ඡන්ද දායකයන්ට ස්වාධීන ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (31 වැනිදා) සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතිවර‍ණයේදී සහය පළ කරන අපේක්ෂකයා තීරණය කිරීම පසුව සිදුකරන බව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සඳහන් කරයි.

යාපනයේ පෞද්ගලික හෝටලයකදී මෙම සාකච්ඡාව ඊයේ (30 වැනිදා) පස්වරුවේ පැවැත්විණි. දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් පමණක් මෙම සාකච්ඡාවට එක්ව සිටියේ නැත. ඔහු පෙරේදා (29 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ කොන්දේසි 13 නොපිළිගැනීම නිසා සිංහල ජනාධිපති ධුර අපේක්ෂකයන්ට ඡන්දය ලබානොදිය යුතු බවයි.

දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඊයේ (30 වැනිදා) ලිපියක්ද යොමු කර ඇත. මීළඟ පොහොය දිනයේදී දෙමළ දේශපාලන සිරකරුවන් මුදාහැරීමට කටයුතු කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More