දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ රුව නොමැතිව, බණ්ඩාරනායකවරුන්ගේ රුව සහිත ලිපියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් සියලුම ආසන සංවිධායකවරුන් වෙත ඊයේ (30 වැනිදා) යොමු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරුන් වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රුව පමණක් එම ලිපියේ සඳහන්ව තිබේ. මොවුන් තිදෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහි වූ නායකයන් වෙයි.

‘පවුල්වාදි ෆැසිස්ට්වාදයෙන් මාතෘභූමිය රැකගමු’ යන තේමාව යටතේ නිකුත් කර ඇති ලිපියෙන් ලබන මස 5 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රැලියකට සහභාගි වන ලෙස ආසන සංවිධායකවරුන්ට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරා ගැනීම සඳහා රැලිය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලිපියේ සඳහන් කර ඇත.

රැලියට සහභාගිවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලන්ඩන් නුවර සිට පෙරේදා (29 වැනිදා) දිවයිනට පැමිණියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More