විදේශ පුවත්

ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලා චිලී රාජ්‍යය පුරා තවදුරටත් විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතියි.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ විරෝධතා අතර සිදුවන කොල්ලකෑම් තරයේ හෙලා දකින බවයි.

සතියක් පුරා චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක විරෝධතා මාලාවේ, තවත් අදියරක් ආරම්භ වී ඇත.

රජය ඉටුකිරීමට පොරොන්දු වී තිබූ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම හේතුවෙන් මෙසේ නැවතත් විරෝධතා ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

පැවැති විරෝධතා අතරතුර චිලීහි ප්‍රධාන නගරවල සාප්පු සංකීර්ණ ඇතුලු ගොඩනැගිලිවලට ඇතුලු වූ විරෝධතාකරුවන් ඒවා කොල්ලකමින් විනාශ කර තිබුණි.

මේ හේතුවෙන් චිලීහි ජන ජීවිතයටද දැඩි බාධා එල්ල වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ ජනාධිපති සෙබෙස්තියන් පිනේරා ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් සදහන් කළේ, එවන් පහත් ක්‍රියා සමස්ත චිලී ජනතාවගේ අභිලාශය ලෙසින් නොසලකන බවයි.

එමෙන්ම එවන් කටයුතු රජය තරයේ හෙලා දකින බවත් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සදහන්.

චිලීහි ක්‍රියාත්මක විරෝධතා සදහා මේ වනවිට පාසල්  සිසුන් පවා එක්ව සිටියි.

ඊට විපක්ෂයේ සහායද හිමිවන බවයි චිලී වාර්තා පවසන්නේ.

ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධව මේ වනවිටත් හත් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව චිලී නීතිපති දෙපාර්තමේන්තුව දන්වා ඇත.

විරෝධතා මැඩපැවැත්වීමට පොලිසිය දැඩි උත්සාහයක් ගන්නා නමුත් තවමත් ඒ උත්සාහය සාර්ථක වී නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More