දේශීය පුවත්

මහජන ඡුන්දයෙන් ගෝඨාභය පරාජය කළ නොහැකි බව හොඳින්ම දන්නා එජාපය අවසාන මොහොතෙත් ක‍්‍රියාත්මක වීම සඳහා ඡුන්ද පත‍්‍රිකාව තුළත් ගුණ්ඩුවක් නිර්මාණය කර ඇතැයිද එයට හසු නොවීම සඳහා විශේෂයෙන් අවුරුදු හැත්තෑවට වැඩි මව්පිය වැඩිහිටියන් දැනුවත් කළ යුතුයැයි ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිනිදුම ප‍්‍රධාන ආසන සංවිධායක සම්පත් අතුකෝරළ මහතා පසුගියදා හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ දී ජනතාවට පැවසීය.

ගෝඨාභයගේ සහ මහින්දගේ සහභාගිත්වයෙන් පසුගියදා නෙළුව නගරයේදී පැවැත්වීමට නියමිත ප‍්‍රචාරක රැළියට සහභාගී වන ජනතාව වැඩිදුරටත් දැනුවත් කිරීම සඳහා තවලම සහ නෙළුව ප‍්‍රා. සභා බල ප‍්‍රදේශ දෙක තුළ සංවිධානය කොට තිබූ ජනහමු අමතමින් කළ සංචාරයේදී ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.

ගෝඨාභයට එරෙහි එජාපය ප‍්‍රමුඛ කඳවුරත්, බටහිර තානාපති කාර්යාලත් එක්ව හදපු සැලසුම්වල එක් පියවරක් හැටියට එයාලගේ මුදල්වලින් මැතිවරණයට අපේක්‍ෂකයන් විශාල පිරිසක් දමල ඡුන්ද පත‍්‍රිකාවට ලකුණු ගොඩක් ඇතුළු කර තිබෙනවා. මේවා අතර පන්දමක් තියෙනවා. බල්බයක් තියෙනවා. පොහොට්ටුව තිබෙනවා. අපේ වැඩිහිටියන් පොහොට්ටුව යැයි රැුවටී පන්දමට හෝ බල්බයට කතිරය ගැසීමෙන් ගෝඨාභයට පක්ෂ ඡුන්ද එක් ඡුන්ද පොළකින් 50 – 60 ක ප‍්‍රමාණයක් වැරැුදි ලකුණකට වැටෙනු ඇතැයි ඔවුන් කල්පනා කරනවා. අපි එය වැළැක්වීම සඳහා වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා. ඔබත් ඔබේ වැඩිහිටියන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද සම්පත් අතුකෝරළ මහතා පැවසීය.

තවලම – ආරියසෝම නාගොඩවිතාන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More