දේශීය පුවත්

ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුවත් කිරීමක් සිදු කර ඇත.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ පැවසීය.

“ඡන්දය දීම එක ඉලක්කමින් සලකුණු කළ යුතු බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ.

එයට අමතරව අවශ්‍ය නම් තවත් අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂකයන් දෙදෙනෙකුට ස්වකීය දෙවන මනාපය හා අදාළ වන පරිදි තුන් වන මනාපය සලකුණු කළ හැකිය.

ඒ සඳහා ඒ ඒ අපේක්ෂකයාට තම කැමැත්ත දක්වන පරිදි අදාළ අපේක්ෂකයාගේ නම හා ලකුණ ඇති තීරුවේ ලකුණට දකුණු පසින් දෙවන මනාපය සඳහා දෙක ඉලක්කමද, අනෙක් අපේක්ෂකයා සඳහා එපරදිම තුන්වන මනාපය දැක්වීම පරිදි තුන ඉලක්කමද, සලකුණු කළ හැකිය.

යම් කිසි ඡන්ද දායකයෙකු ඡන්දය පමණක්දීම සඳහා එක ඉලක්කම වෙනුවට අදාළ ස්ථානයේ සම්ප්‍රදායික කතිරය පමණක් සලකුණු කර තිබුණේ නම් එම ඡන්ද පත්‍රිකාව නිසි ලෙස ඡන්දය ලද වලංගු ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකුණු ලැබේ.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More