Notice Board

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට (31 වැනිදා) මහනුවර රැජිණ හෝටලයේදී ජනගත කිරීම සිදුවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු – අස්ගිරි නාහිමිවරුනට පිළිගැන්වීමෙන් අනතුරුව රැජිණ හෝටලයේ සංවිධානය කොට ඇති උත්සවයකදී එදින පෙරවරු 9.00ට ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය. ඒ සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායකයන් මෙන්ම විශේෂ ආරාධිතයන් රැසක්ද සහභාගී වීමට නියමිතය.

රටේ සියලු අංශ නව සංවර්ධන මාවතකට යොමු කරන ප්‍රතිපත්ති ගණනාවක් එහි අඩංගු බවද ජාතික ආරක්ෂාව මෙන්ම ජාතික ගැටලුව සඳහා විසඳුම් සම්බන්ධයෙන්ද මෙහි විශේෂ අවධානය යොමු කොට ඇති බවද ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මහනුවරදී එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More