ව්‍යාපාරික පුවත්

රුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රේල් මාසය දක්වා වූ හය මාසයක කාළයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රථම සංචාරක කණ්ඩායම වූ රුසියානු ජාතිකයන් 328 දෙනෙකු රැගත් , රුසියානු ගුවන් සේවයට අයත් අසූර් එයා (asur air ) ගුවන් සේවයේ ඉසෙඩ්.එස්.- 7749 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට පසුගිය 26වනදා දහවල් 11.05 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි ඇත.

පැමිණි සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 10 ක් ගත කරන අතර , ඔවුන් බෙන්තොට , ඇල්ල , සීගිරිය , නුවර , නුවරඑළිය , අනුරාධපුරය ආදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට නියමිතය.

මෙම සංචාරකයන් රැගත් ගුවන් යානා රුසියාවේ මොස්කව් , ඊකැතරින්බර්ග් සහ සාන්ත පිට්ස්බර්ග් යන නගර වල සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ඒ අනුව අද (30) අලුයම 2.10 ට එවැනි ගුවන් යානයක් ඊකැතරින්බර්ග් නුවර සිට සංචාරකයන් 325 ක් රැගෙන පැමිණි අතර , එවැනිම තවත් ගුවන් යානයක් හෙට (31) අලුයම සාන්ත පිට්ස්බර්ග් නුවර සිට ද පැමිනෙනු ඇති.

මෙම රුසියානු සංචාරක කටයුතු ශ්‍රී ලංකාව තුළ සම්බන්ධීකරණ සහ මෙහෙයුම් කටයුතු සිදු කරන්නේ එක්සෝටික් හොලිඩේස් ඉන්ටර්නැෂනල් ආයතනයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More