දේශීය පුවත්

නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව අතර බුදු දහම ව්‍යාප්ත කිරීමේ අරමුණින් මඩකලපුව කල්කුඩා සිරි විවේකාරාම විහාරස්ථානයේදී සිංහල දෙමළ ආදිවාසි දරුවන් අට දෙනෙක් පැවිදි දිවියට ඇතුළත් වූහ. එය සිදුකළේ එම විහාරස්ථානයේ පැවැති පළමුවැනි කඨින පින්කමේදීය.

මෑත ඉතිහාසයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වැඩිම කුලදරුවන් පිරිසක් එකවර සසුනට ඇතුළු වූ අවස්ථාව මෙය බව අනුශාසනාවක් සිදුකරමින් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, කල්කුඩා සිරි විවේකාරාමාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ පැවැසූහ.

මඩකලපුව, සිත්තන්ඩි, දිඹුලාගල, මලියදේවපුර, කුඩාවැව, රුහුණුකෙත, පියසේනපුර, මැණික්දෙණිය, කහතුඩුව යන ප්‍රදේශවලින් මෙම දරුවන් සසුනට ඇතුළු වූහ. ප්‍රදේශයේම පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙමළ භාෂාව උගෙන නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ධර්මය පහදා දීමට ඔවුන් කටයුතු කරනු ඇති බව දේවාලංකාර නාහිමියෝ පැවැසූහ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර සීයක් පිරීම නිමිත්තෙන් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ අනුග්‍රාහක දායකත්වයෙන් මෙම කඨින පින්කම සිදුකෙරිණි.

මෙහිදී තිස්නමකට දහවල් දානය පිරිනමා සපිරිකර දක්ෂිණාවක්ද පැවැත්විණි. අපවත් වී වදාළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ ආගමික, ශාසනික හා ජාතික මෙහෙවර පිළිබඳව පැමිණ සිටි ජනතාව දැනුවත් කිරීමට මහා සඟරුවන කටයුතු කළහ.

කල්කුඩා, වැල්ලවාඩිය, පාසිකුඩා යන ගම්මානවල ජීවත්වන සිංහල, දෙමළ 1000 කට අධික පිරිසකට දිවා ආහාරය ලබාදීමද සිදු කෙරිණි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ශාඛාවක් ලෙස ආරම්භ වූ කල්කුඩා සිරිවිවේකාරාමයේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාට දානය පිරිනැමීමට දෙමළ පවුල් විශාල පිරිසක අත්වැල් බැඳගැනීමටද සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More