දේශීය පුවත්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහ ඉදිරිපත් කළ කොන්දේසි 13 පිළිගැනීමට සිංහල ජනාධිපති ධුර අපේක්ෂකයන් අපොහොසත් වීම නිසා දෙමළ ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දීමේ සදාචාර අයිතියක් නොමැති බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කරයි.

තැපැල් ඡන්දයට පෙර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අදහස්, ඉල්ලීම් පිළිබඳ ජනාධිපති ධුර අපේක්ෂකයන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සී. වී. විග්නේෂ්වරන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කොන්දේසි 13 ප්‍රධාන අපේක්ෂකයන්ට ලිඛිතව ඉදිරිපත් කර ඇත. නමුත් කිසිම සිංහල ජනාධිපති ධුර අපේක්ෂකයෙක් මෙම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් නොපැවැත්වූ බව නිවේදනයේ දැක්වෙයි. දෙමළ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳ ජනාධිපති ධුර අපේක්ෂකයන් තුළ දුර දැක්මක් නැති බවද සී. වී. විග්නේෂ්වරන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More