දේශීය පුවත්

මෙතෙක් කිසිදු හරවත් කාරණයක් කතා නොකරන එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවෙන් ප‍්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ‘එල්ලන-මරන’ ආකාරය පිළිබඳ කතා නිතරම ඇසෙන බවත් එවන් තත්වයක් තුළ සජිත් පේ‍්‍රමදාස, ගෝඨාභයට සජීවී සංවාදයක් සඳහා ඇරයුම් කරන්නේ ඔහු ‘මරා දමන – එල්ලන’ ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමටදැයි ජාතික නිදහස් පෙරමුණ ප‍්‍රශ්නකර සිටී.

ඊයේ (29) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.

අද ගස් කපන බදියුදීන් සහ ගස් බඳින මර්වින් වැන්නන් එජාප ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවට නැගීමෙන් පෙනී යන්නේ ඔහුගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ඇදවැටී ඇති තත්ත්වය බව ද ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා පෙන්වා දුන්නේය. ?ට ?ට ගෙවල්වලට යන ආකාරය, බොත්තම ඔබා මිඞ්වයිෆ් කැඳවන ආකාරය, නොවැම්බර් 16 වැනිදා ජන්දපොළට යාමට බැරි තරමට ගෝඨාභයගේ ඡුන්දදායකයන්ට මත්පැන් පොවන ආකාරය ආදිය ගැන මිස සජිත් පේ‍්‍රමදාස වැන්නකු සමග විවාද කිරීමට ප‍්‍රතිපත්තිමය කාරණා කිසිවක් ඔහු මෙතෙක් රට හමුවේ ප‍්‍රකාශකර නැති බව ද මුසම්මිල් මහතා චෝදනාකර සිටියේය.

අද මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන, රිෂාඞ් බදියුදීන්, රාවුෆ් හකීම් වැන්නන් සජිත් පේ‍්‍රමදාසගේ වේදිකාවට නැ`ග තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා සහ සම්බන්ධන්ලා රහසින් ඔහුට සහයෝගය දෙන බවත් පෙන්වා දුන් ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා මෙවැනි සමාජයේ අපකීර්තියට පත්වූූවන් සහ ජාතිවාදීන්, අන්තවාදීන් සමඟ ලඟිමින් සජිත් පේ‍්‍රමදාස ‘දසරාජ ධර්මය’ ගැන වේදිකා දෙවනත් කිරීම හාස්‍යජනක බවත් සඳහන් කළේය.

එසේම රණවිරුවන් හිරේ දමද්දී, පන්සල්වල පිං පෙට්ටිවලට ඉබ්බන් දමද්දී, විශේෂයෙන් හම්බන්තොට වරාය විකුණ දමද්දී නිහඩව සිටි සජිත් පේ‍්‍රමදාස අද මැතිවරණ වේදිකාවේ සිදු කරන කතා ඇසෙද්දී සිතෙන්නේ ඔහු පසුගිය වසර හතරහමාර තුළ ‘කෝමා’ තත්ත්වයට ලක්ව සිටින්නට ඇති බව යැයි ද මුසම්මිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතා තම ආණ්ඩුවක අගමැති කවුද, යන ප‍්‍රශ්නය නිතර ම`ග හැර ගියත් ‘මම ඉදිරි වසර පහ තුළ රට දියුණු කරනවා, නව ව්‍යවස්ථාවක් ගෙන එ්මට ද සූදානම්’ බව රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධ වේදිකාවේ සිදු කළ ප‍්‍රකාශයන්ගෙන් පෙනී යන්නේ සජිත් කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී රනිල් අගමැති කිරීමට පොරොන්දු වූ බව යැයි ද ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට කැස්බෑව නාගරික මන්ත‍්‍රී රන්ජිත් පත්මසිරි හා බොරලස්ගමුව නාගරික මන්ත‍්‍රී ජගත් කිත්සිිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More