දේශීය පුවත්

ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (29 වැනිදා) අනුමැතිය දුන් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කොළඹ ප්‍රදේශයේ රථ වාහන කළමනාකරණය, දිවයිනපුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති මෙම ප්‍රදානය යටතේ ක්‍රියාත්මක කරයි.

මීට අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් කර වසර 2020 සිට ක්‍රියාත්මක කිරීමටද පියවර ගන්නා බව, මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ප්‍රදානය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශය ​ඊයේ (29 වැනිදා) ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙම ගිවිසුම අත්සන් කිරීමේදී ගැටලු ඇතිවන බවයි. මානව හිමිකම් ප්‍රශ්න ඇතිවිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එහෙත් ඊට විරුද්ධව අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එවැනි ගැටලුවක් ඇති නොවන බවයි. මුදල් අමාත්‍ය මංගල සමරවීරද මේ පිළිබඳව අදහස් පළකර ඇත.

අවධානය –

ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇතුලු ඇමෙරිකාව සමග අත්සන් කෙරෙන ගිවිසුම් මගින් රටට සිදුවන අහිතකර බලපෑම් පිළිබදව විද්වතුන් ඇතුළු මහා සංඝරත්නය විසින් යොමු කළ ලිපි පෙළක් ලංකා ලීඩ් නිව්ස් අප පසුගිය කාලය පුරාම මහජනතාවගේ දැනුම්වත්වීම සදහා පළ කළෙමු.

ගිවිසුම් 3කින් සහ පනත් 6කින් දියත් වන ඇමරිකානු ආක්‍රමණය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More