දේශීය පුවත්

කුලියාපිටියේ යෝජිත වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලාව ‌වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කර තිබූ සංදේශයකට මුදල් අමාත්‍යවරයා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය ඉල්ලා සිටීම ගැන අමාත්‍යවරුන් විරෝධය පළකර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (29 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය විවාදයට ගත් අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව දන්වා ඇත. ඊට විරෝධය පළ කළ අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම් සහ දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ යෝජිත කර්මාන්ත ශාලාව අනුමැතියට යටත්ව ඉදිකිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි. පසුගිය වසර හතර පුරා කර්මාන්තශාලාව ඉදිකිරීමට නොහැකි වූයේ මුදල් අමාත්‍යාංශය කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා බව අමාත්‍යවරුන් මෙහිදී පෙන්වාදී තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර එහිදී ප්‍රකාශ කර ඇත්තේ කඩිනමින් සාකච්ඡාවක් පවත්වා ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More