ඉරිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ තේරීම් කාරක සභාවේ වාර්තාව පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(29) අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ පැවැති අතර තේරීම් කාරක සභාවේ වාර්තාවද ඉදිරිපත් කර තිබුණි.
එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලය අනුමත නොකරන බවත්, දැනුවත්වීම සඳහා පමණක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පසුගියදා එළිදැක්විණි. එමගින් පාස්කු ප්‍රහාරයට, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු පාර්ශ්ව රැසක් වගකිව යුතු බවට නිර්දේශ කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...