දේශීය පුවත්

වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා මත පැවරීමේ කූට කුමන්ත්‍රණයක් සැලසුම් කර තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙම කූට කුමන්ත්‍රණය අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව අද(29) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා අනාවරණය කළේය.

ඉතිහාසයේ දරුණුතම පරාජය පිළිබඳ ඉව වැටීමෙන් වියරු වැටී සිටින එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මත පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පැවරීමේ කූට සැලැස්මක් සකස් කර තිබෙනවා. එය “මහ හෙලිදරව්ව” නමින් නම් කර ඇති පියවර පහක සැලැස්මක්. මෙය ඉතාම ලැජ්ජා සහගතයි. නමුත් ජාතියේ වාසනාවට මෙය සැලසුම් කිරීමට සම්බන්ධ කරගත් පුද්ගලයන් අතර හිටිය හෘද සාක්ෂියක් තිබෙන මිනිස්සු මේ පිළිබඳව අපට සම්පූර්ණ තොරතුරු හෙළි කළා.

පළමු අදියර වන්නේ බත්තරමුල්ලේ තුෂාර නමැති අයෙකුගේ නිවසේ දී තව්හිද් ජමාත් ත්‍රස්තවාදියෙකු කරන පාපොච්චාරණයක් ලෙස දැක්වෙන වීඩියෝවක් පටිගත කිරීමයි. මෙකී ත්‍රස්තවාදියා ලෙස පෙනී සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරණයේ දී ජාතික ආරක්ෂාව මුල් තැනට ගෙනැවිත් ගෝඨාභය මැතිතුමාට වාසි සහගත තත්වයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව පවසනවා. එය ගෝඨාභය මැතිතුමාගේ ඉල්ලීමට ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලි විසින් කළ ප්‍රහාරයක් ලෙසයි එම පාපෝච්චාරණයේ දැක්වෙන්නේ. එහි දී ලාංකිකයින් දෙදෙනෙකුගේ නම් ප්‍රකාශ කරමින් ඔවුන් හරහා මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ ත්‍රස්තවාදි කණ්ඩායම් සමග ගෝඨාභය මැතිතුමා ලඟින්ම සබඳතා පවත්වන බවටත් චෝදනා කරනවා. මේ වීඩියෝව දැනටමත් පටිගත කර අවසන්.

දෙවන අදියර වන්නේ එජාපයේ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රිවරුන් අටදෙනෙකු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා පාස්කු ප්‍රහාරය හේතුවෙන් මිය ගිය සහ තුවාල වූ අයගේ වගකීම ගෝඨාභය මැතිතුමා බාර ගත යුතු බවටත් ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස ගෝඨාභය මැතිතුමා වහාම අත්අඩංගුවට ගත යුතු බවටත් පැවසීමයි.

තෙවන අදියර වන්නේ නොවැම්බර් 3 වන ඉරිදා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉදිරිපිට “ගෝඨා අත්අඩංගුවට ගනු” යනුවෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමයි. සිව්වන අදියර වන්නේ කතෝලික පියතුමන්ලා මේ පිළිබඳ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන මෙන් පොලිසියෙන් ඉල්ලා සිටීමත් කතෝලික ප්‍රජාවේ ප්‍රභූන් විසින් අඛණ්ඩව අපක්ෂපාති පරික්ෂණයක් ඉල්ලා සිටීමත්ය. පස්වන අදියර වන්නේ ගෝඨාභය මැතිතුමාට ජාත්‍යන්තර ත්‍රස්තවාදින් සමග සබඳතා ඇති බව දැක්වෙන පදනම් විරහිත ලියැවිල්ලක් එජාපය විසින් ප්‍රසිද්ධ කිරීමයි.

“මඩින් එපා. ගොඩින් එන්න කියා” සජිත් ප්‍රේමදාස මැතිතුමා මෑතක දී කිව්වා. අපි නම් එතුමාට කවදාවත් මඩ ගැහුව්වේ නෑ. මේ වගේ බොරු කතා හැදුවේ නෑ. එල්ල කළ සෑම චෝදනාවක්ම සාක්ෂි සහිතවයි ඉදිරිපත් කලේ. ඒ නිසා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නේ ඔබේ දැවැන්ත පරාජය ඉදිරියේ ඔබේ වියරුව අපට තේරුම් ගන්නට පුළුවන්.හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමනි මඩින් එපා ගොඩින් එන්න කියලායි අපට එතුමාට කියන්නට සිද්ධ වෙන්නේ.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More