දේශීය පුවත්

වැහි කාල ගුණයක් තිබියදිත් අපිට ශක්තියක් වන්න මේ රැළියට සහභාගි වන දේශප්‍රේමී ජනතාවට ස්තූතියි. මේ රටේ තිබුණූ ත්‍රස්තවාදය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අවසන් කරලා නැවතත් එවැනි තත්ත්වයක් පැන නොනගින ලෙස ආරක්ෂිත වැඩපිළීවෙලක් යෙදුවා. ඒ නිසා එවැනි ත්‍රස්තවාදයක් වසර 10 කාලයක් හිස එසවූයේ නැහැ. ඔබ ත්‍රස්තවාදයෙන් බැට කාපු වීරෝධාර ලෙස ත්‍රස්තවාදයට මුහුණ දුන් ජනතාවක්. මේ පළාත් පොලීසියට ත්‍රිවිද හමුදාවට හා සිවිල් ආරක්ෂක බලකායට මේ ප්‍රදේශවලින් සෑහෙන පිරිසක් එක් වුනා. එදා අපේ රජය යටතේ ඔවුන්ට අබිමානයක් ගෙනාවා. අපේ රජය යටතේ පොලිස් නිලධාරින් වැඩි කළා. ත්‍රිවිද හමුදා නිලධාරින් ප්‍රමාණය වැඩි කළා. ගම් බට්ටෝ කියපු අයට පුහුණුවක් දීලා නිල ඇදුමක් දීලා සිවිල් ආරක්ෂක බලකාය ඇති කරලා අභිමානයක් ලබා දුන්නා. එදා හදිසියේ හමුදාවට 4000ක අවහ්‍යතාවයක් ඇති වුනා. අලුතනේ බදවා ගෙන පුහුණු කරන්න අවස්ථාවක් නැති නිසා අපි සිවිල් ආරක්ෂක බලකායේ අයට කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න කිව්වා. ඔවුන් තමයි අවසන් කාලයේ යුද්ධයට එක් වුනේ.

ආරක්ෂක සංවිධාන වලට අයත් අයට ගෞරවය වැදගත්. අපි රජයක් විදියට ඔවුන්ගේ ගෞරවය ගැන හිතනවා. අභූත චෝදනා ගෙනත් බුද්ධි අංශ නිලධාරින් හිරගෙවල්වල දැම්මේ මේ රජයයි. මේ වගේ තත්ත්වයක් ඇති කළ නිසයි නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. විජාතික බලවේග වලට යට වෙන රණ විරුවන්ට විරුද්ධ මත දරන රාජ්‍ය නොවන ආයතනවල බලපෑමට යට වෙන අයට රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපේ රජයකට විතරයි රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාව තියෙන්නේ. දැන් ආරක්ෂක අංශ අතර බොරු ප්‍රචාර ගෙනියනවා. මම ආරක්ෂක ලේකම්

විදියටයි ඔබේ වරප්‍රසාද ලබාදුන්නේ. ඉතිරි විෂමතා සහ වරප්‍රසාද අපිට ඔබට ඉදිරියේදී ලබා දෙනවා. එදා යුද්ධය අවසන් වීමෙන් පසුව සිවිල් ආරක්ෂක බලකායට මුදල් ගෙවලා ස්වේච්ඡාවෙන් එන අය පමණක් සංවර්දන වැඩවලට යෙදවූවා. සමාගම් මගින් ඔවුන්ට විශාල මුදල්ක් දුන්නා. දැන් ඔවුන්ව එවැනි වැඩ වලට යවන්නේ කිසිදු ගෙවීමකින් තොරවයි. එවැනි තත්ත්වයන් අපේ සමයකදී නතර කරනවා. ඔබේ බල සේනාව හැදුවේ කවුද,ඔබට සේවය කලේ කවුද කියන දේ ඔබ දන්නවා. බොරු ප්‍රචාරවලට ඔබ රැවටෙන්නේ නැති බව අපි දන්නවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් කෘෂීකර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වය දීලා තියෙනවා.

අපේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්න, ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්න, තුනෙන් එකක් වන ගොවි ජනතාවගේ ජිවන තත්ත්වය නගන්න පැහැදිලි ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසයි අපි පොහොර නොමිලේ ලබා දෙන්නේ. විවිධ හේතු නිසා අස්වැන්න අසාර්ථක වුනු නිසා ඔබේ ගොවි ණය සම්පූර්ණයෙන් කපා හරින්න අපි තීරණය කර තිබෙනවා. නිවැරදි බීජ ලබා දෙන්න සහතික මිලක් ලබා දෙන්න තාක්ෂණය මගින් නිවැරදි පොහොර කළමණාකරණය ජල කළමණාකරණය හා අඩු වියදමකින් අඩු ඉඩකින් වැඩි පළදාවක් ලබා දෙන ක්‍රමවේද සකස් කර තිබෙනවා. අපි පැහැදිලි ආර්ථික සැලැසුම් ඉදිරිපත් කර තිබෙනවා. කෘෂිකර්මය සංචාරක තාක්ෂණික ආදි සෑම අංශයක්ම දියුණූ කරන ආකාරය අපි පැහැදිලි කරලා තිබෙනවා.

සංකිර්ණ බදු ඉවත් කර සරල විනිවිද පෙනෙන බදු ක්‍රමයක් මගින් බදු ගෙවන්නාට පහසු වෙන්නා වු ක්‍රමයක් අපි යෝජනා කර තිබෙනවා. මෙරට ව්‍යාපාර කරන්න, ආයෝජන කරමින් ආර්ථිකය පණ ගන්වන්න සුදුසු වාතාවරණයක් ඇති කිරිම මගින් පමණයි කඩා වැටිලා තියෙන ආර්ථිකය දිරිමත් කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපනයක් මගින් විශ්ව විද්‍යාල පහසුකම් වැඩි දියුණූ කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ඇති කරනවා. අද ලෝකයේ තිබෙන ආර්ථීකයට සම්බන්ධ රැකියාවන් විවෘත කරනවා. අවසන් කළ නොහැකි බව කි යුද්ධය අවසන් කළා. සංවර්ධනය කරා රට ගෙන යාමට අපේ රජයට හැකිවුනා. එදා තිබුණු බාදා ජය ගත්තා වගේ අද තියෙන බාධා ජයගන්න අපිට හැකියාව තිබෙනවා. මට භාරදුන්න වගකිම් සියල්ලක්ම මම ඉටු කළා. ඔබේ යුතුකම ඔබ ඉටු කරන්න. මගේ යුතුකම ආරක්ෂීත රටක්, ස්වයංපෝෂිත රටක් සහ අභීමානවත් දේශයක් ඔබට හිමිකර දිමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More