දේශීය පුවත්

2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සඳහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පියවර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම සාකච්ඡාවන්හි දී භූමියේ හිමිකාරිත්වය ශ‍්‍රී ලංකාව වෙත රැදී පවතින බවට සහතික විය හැකි අන්‍යෝන්‍ය වශයෙන් පිළිගන්නා සංශෝධනයන්ට එළැඹීමට දෙපාර්ශවයට හැකි වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ වරාය නගරයේ ඉඩම් බදු ඔප්පුව ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුආන් මහතා ඉදිරියේ දී අද (29දා) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබූ අතර එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙම භූමිය පළමුව නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීම සිදු කෙරුණු අතර එම අධිකාරිය විසින් අයිතිය තමන් වෙත තබාගෙන බදු එකඟතාවය යටතේ අදාළ භූමිය CHEC සමාගම වෙත භාර දුන්නේය.

වරාය නගර ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා වන වටිනා ආයෝජනයක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එය විශාල වශයෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කරගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා ඉදිරියේ දී බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්.වී රත්නායක මහතා වෙත අදාළ ලියකියවිලි භාරදනු ලැබීය.

පසුව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බදු පදනම මත ලබාදෙනු ලබන එම ඉඩමට අදාළ ලියවිල CHEC සමාගමට ලබාදුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More