ව්‍යාපාරික පුවත්

2019 අයවැය මගින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින් මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන බවත් කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාල නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් යනාදී වාහනද මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙයට පෙර ද්විත්ව කැබ් රථද සුඛෝපභෝගී බද්දට යටත් කර තිබූ අතර නොවැම්බර් මස 01 දින සිට එය එම බද්දෙන් ඉවත් කර ඇත.

මෙම සුඛෝපභෝගී බද්ද 2019 මාර්තු 06 දින සිට ක්‍රියාත්මක වන අතර මාර්තු 06 ට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වනු ඇත. මෙම නව රෙගුලාසි අනුව රු. ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්ට්‍රල් මෝටර් කාර් සහ ජීප් රථ ආනයනයේදී එම සීමාව ඉක්මවන මුදලට පමණක් සුඛෝපභෝගී බද්ද අයකරනු ලැබේ.

දෙමුහුන් වාහන වල වටිනාකම (CIF Value) රුපියල් ලක්ෂ 40 ඉක්මවූ විට වැඩිවන එම මුදලට සුඛෝපභෝගී බද්දක්ද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ 60 ඉක්ම වූ විට වැඩි වන මුදලට ද සුඛෝපභෝගී බදු අයකරනු ලැබේ.

මෝටර් රථ සඳහා වූ තාක්ෂණය දියුණ වීමත් සමග වාහනවල සුඛෝපභෝගීභාවය තීරණය කරනු ලබන්නේ එන්ජින් ධාරිතාව මත නොව වාහනයකට ඇතුළත් විශේෂාංග මත බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඒ අනුව සිලින්ඩර් ධාරිතාව 1800ට අඩු පෙට්ට්‍රල් මෝටර් රථ සඳහා ද සිලින්ඩර් ධාරිතාව 2300ට අඩු ඩීසල් කාර් සහ ජීප් රථ සහ කිලෝ වොට් 200ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අය කරනු ලබන බද්ද නොවැම්බර් මස 01 දා සිට ඉවත් කරනු ඇත. එහෙත් ඔක්තෝබර් මස 31 වැනි දා වන තෙක් ණයවර ලිපි විවෘත කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිශ්කාෂණය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වේ.

ඊට අමතරව කුඩා ප්‍රමාණයේ වාහනවලට මෙම සුඛෝපභෝගී බදු අය නොකරන බවයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ. \

ඒ අනුව Toyota Vitz, Suzuki Every, Toyota Roomy, Suzuki Alto, Suzuki Baleno, Daihatsu Petrol, Honda Grace, Suzuki Wagon R, Toyota Aqua යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවේ. තව ද Axio, Premio සහ Allion යන මාදිලිවල සාමාන්‍ය වාහන ද මෙම සුඛෝපභෝගී බද්දට යටත් වන්නේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More