ව්‍යාපාරික පුවත්

ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා ප්‍රමාද වීම හේතුවෙන් දිවයින පුරා පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය තවත් සති කිහිපයක් පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනතුරු අඟවයි.

පැවැති ගෑස් තොග අවසන් වීම නිසා ‘ලිට්රෝ ගෑස් සමාගම’ පෙරේදා (27 වැනිදා) සිය මෙහෙයුම් නතර කළ අතර එදින රාත්‍රියේ ගෑස් සහිත නෞකාවක් කොළඹට සේන්දුවීම නිසා ඔවුහු ඊයේ (28 වැනිදා) උදෑසන සිට සිය මෙහෙයුම් යළි ආරම්භ කළහ. මේ අතර ඊයේ (28 වැනිදා) ගෑස් රැගත් තවත් නෞකාවක් පැමිණීමට නියමිතව තිබුණද, එය නොපැමිණෙන බව පසුව සැලවී තිබිණි.

සෞදි අරාබියාව විසින් ගෑස් අපනයනය සියයට 40කින් අත්හිටුවීම නිසා මෙම තත්ත්වය මතුව තිබේ. ගෑස් අපනයනය අවම කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් මේ වන විට දැඩි අසීරුතාවට පත්ව ඇත. ‘ලාෆ් සමාගමේ’ ගෑස් සිලින්ඩර ද මේ වන විට වෙළෙඳ පොළේ නොමැති අතර ‘ලාෆ් ගෑස්’ හිඟය තවත් කාලයක් පවතිනු ඇතැයිද වාර්තා වෙයි.

මේ තත්ත්වය නිසා ලිට්රෝ ගෑස් සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර එම ඉල්ලුමට සරිලන තරම් ගෑස් සැපයුම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද සමාගම සඳහන් කරයි. ගෑස් හිඟය හේතුවෙන් දිවයින පුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. නිවාසවල ආහාර පිසීමේ කටයුතුවලටද එයින් බලපෑමක් එල්ල වී ඇති අතර, එවැනි ගැටලු පිළිබඳ පැමිණිලි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද ලැබී තිබේ. බොරැල්ල ප්‍රදේශයේ නිවසක දානයක් පිසීමේදී ගෑස් අවසන් වීම හේතුවෙන් නිවෙස් හිමියා බොරැල්ල සිට කැලණිය දක්වා ගමන් කළත් ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පිළිබඳ පැමිණිල්ලක්ද අධිකාරියට ලැබී තිබුණි.

ලැබුණු පැමිණිලි මත ගෑස් අලෙවි ස්ථාන පසුගිය දිනවල පරීක්ෂා කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගන්නා ලදී. ගෑස් සමාගම අවශ්‍ය තරම් තොග පවත්වාගෙන නොයෑම පිළිබඳවද අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More