දේශීය පුවත්

ලන්ඩන් ගොස් සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකීමේ සංවිධානය විසින් සම්මේලනයක් කැඳවීමට සූදානම් වන බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව කැඳවීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසකට දැනටමත් ආරාධනා කර තිබේ.

මෙම සමුළුව කැදවීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් සිටී.

ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත තීරණයක් විරුද්ධව විකල්ප යෝජනා මෙහිදී සම්මත කර ගැනීම මෙහිදී සිදු කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව කැඳවීමේ බලයක් හිටපු ජනාධිපතිනියට නොමැති අතර පක්‍ෂ නායකයා, පක්ෂ මහලේකම්වරයා විසින් සිදු කළ යුත්තකි.

එමෙන්ම ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවද ඒකමතිකව යෝජනා සම්මත කර ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More