දේශීය පුවත්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉතා ගැඹුරු පටු ළිඳකට ඇඳ වැටී සිරවී සිටින සුජිත් විල්සන් නැමති කුඩා දරුවා දින තුනකට පසුව මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මියගොස් ඇතැයි ඉන්දීය රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක ඉතා පටු ගැඹුරු ළිඳකට වැටී දෙහැවිරිදි සුජිත් වීල්සන් අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදායි.

කෙසේ වෙතත් පැය 60කට අධික කාලයක් මෙම දරුවා ළිඳ තුළ සිරවී සිටියේය.

අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් දරුවා බේරා ගැනීමට සමත් වුයේ නැහැ.

දරුවා සිරව සිටින ස්ථානයට යාබද පෙදෙසක සිට කැණීම් පටන් ගෙන ඇති අතර උමං මාර්ගයකින් දරුවා සිටින ස්ථානයට ළඟා වීම මුදාගැනීමේ කණ්ඩායම්වල අභිප්‍රාය වී තිබුණි.

කෙසේ වෙතත් මෙහෙයුම කිරීමට සිදුව ඇත්තේ පාෂාණමය භූමි ප්‍රදේශයක වීම හේතුවෙන් දුෂ්කරතා මතුව තිබුණි.

එවැනි භූමියක කැණීම් කටයුතු සඳහා මීට පෙරදී යොදාගත් යන්ත්‍රයේ අක්‍රමවත් බව හේතුවෙන් මෙහෙයුම ප්‍රමාද වී තිබේ.

කෙසේ වෙතත් පසුව ඊට වඩා තෙගුණයක ක්‍රියාකාරීත්වයෙන් යුත් කැණීම් යන්ත්‍රයක් ආධාරයෙන් මෙහෙයුම අඛණ්ඩව සිදුකෙරුණි.

දරුවා අඩි 88 ක් පමණ වන ගැඹුරු ස්ථානයක සිරව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් ඊයේ(28) වනවිට කැණීම් සිදුකර ඇත්තේ අඩි 38ක් ගැඹුරට පමණි.

පටු කුහරය තුළ පැය ගණනාවක් නිරාහාරව සිටින දරුවා මේ වනවිට කිසිදු චලනයක් පෙන්නුම් නොකරන බව විදෙස් මාධ්‍ය ඊයේ සවස වාර්තා කර තිබිණි.

දරුවා සිහිසුන් තත්ත්වයේ සිටින බවට විශ්වාස කෙරෙන අතර කුහරයට අඛණ්ඩව ඔක්සිජන් සපයමින් ‍අදාළ අංශ කටයුතු කළේය.

කැණීම් කටයුතු අවසන් වීමෙන් පසුව 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දරුවා සිටින ස්ථානය වෙත යැවීමට නියමිතව තිබුණි.

ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට කටයුතු පවා සිදුකළ බව ඉන්දීය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිදුවීම පාදක කරගෙන තමිල්නාඩු ප්‍රාන්තයේ එවැනි අවදානම් සහගත පටු ළිං සියල්ල වසා දැමීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන් වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More