මුහුණු පොතෙන්

කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

එම වීඩියෝ පටය මගින් ISIS සාමාජිකයකු බවට පැවසෙන මුස්ලිම් ජාතිකයකු විසින් සිදුකරන පාපොච්චාරණයක් ඇතුලත් වන අතර එම පුද්ගලයා ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවට වූ ප්‍රකාශයක් සිදු කරවන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අදාල වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචරනයටද මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇති බවයි පැවසෙන්නේ.

අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රෝසි සේනානායක, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් සෝමපාල, හෙක්ටර් අප්පුහාමි, යන පුද්ගලයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බැවින් කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන තුෂාර වන්නිආරච්චිගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

97 වතාවක් පාස්කු ප්‍රහාරය එල්ලවන බවත් ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තයන්ගේ නම් ගම දුරකථන අංක පවා ලැබී තිබියදී ප්‍රහාරය දවසේ උදේ පවා විදේශ බුද්ධි අංශ පවා තහවුරු කරද්දී මෙන්ම රජයේ අමාත්‍යවරු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටිද්දී එය වලක්වා ගැනීමට නොහැකි වූ කාලකන්නි වැඩබැරි ආණ්ඩුව දැන් මිනිස් ජිවිත 300ක් පරලොව යවමින් ඒ මිනී මත සිට දේශපාලනය කරන්නට සුදානම් වීම කෙතරම් අවාසනාවක්ද?

Binuri Disasekara



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More