දේශීය පුවත්

උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා තමා සතුව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද යාපනයේ පැවති ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඊයේ දිනයේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනරැලි කිහිපයකටම එක්වුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කදුරුවෙල නගරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් විසින් ජන රැලියක් සංවිධාන කර තිබුණේ ඊයේ පස්වරුවේදියි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අද(28) වව්නියාවේදී ජනරැලියක් පැවැත්වුණි.

ඒ සඳහා විශාල ජනකායක් එක්ව සිටියේය.

ඉන් අනතුරුව ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූයේ යාපනය එලන්කතීර් ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියටයි.

පැමිණ සිටි ජනතාවගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම ජන රැලියට එක්වන අවස්ථාවේදීත් ජනතාවගෙන්උණුසුම් පිළිගැනීමක් හිමි වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More