පුරවැසි කොලම

වර්තමාන සමාජ දේශපාලනය තුල වඩාත් කතා බහට ලක්වන මාතෘකාවක් වන්නේ රටට සේවයක් කල පුද්ගලයින්ගේ දේශපාලන ආගමනය පිළිබදවයි. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණයේදී එවැනි පුද්ගලයින්ට විශේෂ තැනක් හිමිකර දෙමින් සමාජ මාධ්‍ය තුල සහ සමාජය තුල ජනාධිපති අපේකෂකයින් පිළිබදව සංවාදයක් ගොඩනැගෙමින් පවතී. බොහෝ විට මෙසේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේකෂකයින් හෝ දේශපාලනයට අත්පොත් තබන්නට පැමිණෙන්නන් වන්නේ සිය වෘත්තීය ජීවිතය නිමකොට විශ්‍රාම ලැබූ පුද්ගලයින්ය. එහෙත් කිසියම් අයෙක් සිය වෘත්තීය ජීවිතයේ නියැලෙමින් සිට සියල්ල කැපකොට මහජන සේවයට ඍජුව දායකත්වය දක්වන්නේ නම් එය සුවිශේෂී කොට සැලකිය යුතුය. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ එවැනි සුවිශේෂ චරිත කිහිපයක් අපට හදුනාගත හැකිය. ඒ අතරින් වර්තමාන දේශපාලනයේ නිරතවන සිය වෘත්තීය ජීවිතය මහජන සේවයට කැපකල විශේෂඥ වෛද්‍යවරියක් අපට හදුනාගත හැකිය. ඒ අන්කිසිවෙකු නොව හිටපු කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ජෙයරාජ් ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිතුමාගේ ආදරණීය බිරිද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණියයි.

සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් 1984 දී දෙවන ශ්‍රේණියේ සාමාර්ථයක් ලබාගනිමින් එම්බීබීඑස් ගෞරව උපාධිය ලබාගැනීමට සමත්වූවාය. ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ 1986 දී මීගමුව මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසිනි. ඉන්පසු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෛද්‍යවරියක ලෙස ඇය සේවය කලාය. 1993 දී ප්‍ර‍ජා සෞඛ්‍ය පිළිබද පශ්චාත් උපාධිය සමත්වූ ඇය, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලාට්‍රෝම් විශ්ව විද්‍යාලයෙන් හා එංගලන්තයේ ලන්ඩන් නුවර ළමා සෞඛ්‍ය ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 2000 වසරේ සිට ප්‍ර‍ජා සෞඛ්‍ය පිළිබද විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කලාය.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණිය දේශපාලනයට අත්පොත් තබන්නේ 2010 වසරේ සිටයි. එම වසරේ පැවති මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ
දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ ඇය මනාප 186,140ක් ලබාගනිමින් එ.ජ.නි.ස.යෙන් දිස්ත්‍රික්කයේ දෙවැනියා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඇය එම මැතිවරණයට ඉදිරිපත්වූයේ ප්‍රදේශයේ ජනතාවගේ දැඩි ඉල්ලීම අනුවය. 2008 අප්‍රේල් 06 දින එල්ටීටීඊ මරාගෙන මැරෙන ත්‍ර‍ස්ත ප්‍ර‍හාරයකට ගොදුරු වූ හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිතුමාගේ අඩුව පුරවන්නට නම් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණිය දේශපාලනයට ආ යුතු බව ජනතාවගේ ඉල්ලීම විය. ඒ වනවිට ඇය පවුල්සෞඛ්‍ය කාර්යාංශයේ ළමා සෞඛ්‍ය පිළිබද ජාතික වැඩසටහන් නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටියාය. කෙසේ වෙතත් කටාන මැතිවරණ බලප්‍රදේශයට, ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව මුළු රටටම දේශපාලනයේ “ජෙයරාජ් ලකුණ” අමතක කල නොහැකි තත්වයකදී ගම්පහ ජනතාවගේ සහ දේශපාලන නායකත්වයේ ඉල්ලීම අනුව සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිනිය වසර 24ක සිය වෘත්තීය ජීවිතයට සමුදෙමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියාය.

විශේෂඥ වෛද්‍යවරියක ලෙස මහජන සේවයට කැපවී සිටි සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණියට ක්‍රියාකාරී දේශපාලනයෙන් මහජන සේවයට කැපවීම අභියෝගාත්මක කාරණාවක් වුවද ඇය එය නිසිලෙස ඉටුකිරීමට කැපවී සිටියාය. සිය සැමියා අහිමිව දරු දෙදෙනා සමග කටයුතු කල ඇය ජෙයරාජ් ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිතුමාගෙන් ලද දේශපාලන ආභාෂයත් වෘත්තීය ජීවිතයෙන් ලබාගත් දැනුමත් නිපුණත්වයත් උපයෝගී කර ගනිමින් දරුදෙදෙනාගේ අවශ්‍යතා ඉටුකරමින් ආදර්ශමත් මවක් ලෙසද, ජනතා ප්‍ර‍ශ්න හදුනාගනිමින් මහජන නියෝජිතවරියක් ලෙසද කටයුතු කිරීමට ඇය සමත්වූවාය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන ඇය තනතුරු ගණනාවක් හෙබවූවාය. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවේ සභාපතිනිය ලෙසද, කාන්තා හිංසන වැළැක්වීම පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිනිය ලෙසද කටයුතු කල ඇය ළමයින් සදහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ ප්‍ර‍ථම සභාපතිනිය වූවාය. ඒ තුළින් ජනතා ප්‍ර‍ශ්න, රාජ්‍ය සේවකයින්ගේ ප්‍ර‍ශ්න කෙරෙහි මෙන්ම, කාන්තා සහ ළමයින් පිළිබද බුද්ධිමය ප්‍රවේශයකින් විසදුම් යෝජනා ඉදිරිපත් කිරීමට ඇය සමත් වූවාය. වරෙක ඇය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයටද යෝජනා විය. එම අවස්ථාවේ ඇය එම තනතුරට පත්වූවානම් එය ලක් දේශපාලන ඉතිහාසයේ කාන්තාවක් නියෝජ්‍ය කතානායක ධූරයට පත්වූ ප්‍ර‍ථම අවස්ථාව වීමට ඉඩතිබුණි.

කටාන මැතිවරණ බලප්‍රදේශයේ ජනතාවට පානීය ජල ප්‍රශ්නය කලක පටන් පැවති ගැටළුවකි. හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිතුමාගේ කාලයේ සිට මේ සදහා විසදුම් යෝජනා දීමට කටයුතු කලද එය සාර්ථක වී නොමැත. එහෙත් විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණියට එම කටයුත්ත සාර්ථක කරගැනීමට අඩිතාලමක් දමන්නට අවස්ථාව සැලසී ඇත. එනම් ඇයට ජලසම්පාදන හා ජලප්‍ර‍වාහන රාජ්‍ය අමාත්‍යධූරය ලැබීම හේතුවෙනි. රාජ්‍ය අමාත්‍යධූරය ලැබූ සැණින් ඇය අවධානය යොමුකලේ සිය ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ගැටළුව විසදීම සදහාය. එය සාර්ථක කරගනිමින් කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රු.මිලියන 9500කට අධික මුදලක් අනුමත කරමින් කටාන ජලසම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කෙරින. එමගින් ග්‍රාමසේවා වසම් 45ක ජනතාවට පානීය ජල ප්‍රශ්නය විසදෙනු ඇත. එය හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍ර‍නාන්දුපුලේ මැතිතුමාගේද කලක පටන් පැවති සිහිනයක් සැබෑවීමකි.

වෘත්තීය ජීවිතයේදී සිය වගකීම් නිසිලෙස ඉටුකරමින් ජනතා සේවයට කැපවී සිටි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණිය, මහජන නියෝජිතවරියක් ලෙස තමන්ට ලැබෙන සෑම අවස්ථාවකම ජනතාවගේ සේවයට කැපවීම අගය කල යුත්තකි. එබැවින් ජනතාවගේ ඕනෑ එපාකම් මැනවින් තේරුම්ගත් මෙවැනි උගත් බුද්ධිමත් දේශපාලන චරිත ශ්‍රී ලාංකේය දේශපාලනයේ සුරැකීම ජනතාව විසින් දේශපාලනයට සිදුකරනු ලබන වැදගත් ආයෝජනයක් ලෙස හදුන්වාදිය හැකිය.

(ඔක්තෝම්බර් මස 29 දිනට යෙදෙන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍ර‍නාන්දුපුල්ලේ මැතිණියගේ 59 වන ජන්ම දිනය නිමිත්තෙනි)

තුසිත ජයවර්ධන.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More