දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බවත් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් ද වෙන් කර ඇති බව විජිත හේරත් මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී පැවැසීය.

ධුරය දැරූ හෝ දරන කිසිඳු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බවත් එම මුදල් වෙන්වන්නේ ජනාධිපති කාර්යාලයට බවත් ජනපති කාර්යාලය නිකත් කළ නිවේදනයක දැක්වෙයි.

වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් අති විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කෙරුණේ දැනට ක්‍රියාත්මක වන ජනාධිපති කාර්යසාධන බළකායන් සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් බවද එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිඳු ලෙසකින් මුදල් වෙන් කර නොමැති බවත් එවැනි ද්වේශ සහගත චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More