ප‍්‍රධාන පුවත්

යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා පවසයි.

එසේ යන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිදහස් කර දීමට හැකි බව ද ඒ මහතා කියයි.

උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ වවුනියාවේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් සමග වවුනියාවේදී පැවති සාකච්ඡාවකදීය.

“යාපනයේ සිංහල මහා විද්‍යාලය දැන් හමුදා කඳවුරක්. මම යෝජනා කරා ජනාධිපතිතුමාට ඒක නිදහස් කරල නැවත වතාවක් ඒ පාසල ආරම්භ කරන්න දෙන්න කියලා.ඉතින් ඒකට අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී යාපනය බලකොටුව තියෙනවා. අපේ හාමුදුරුවනේ මේ බලකොටුව අක්කර 45 ක් තියනවා නගර මැද්දේ තියෙන්නේ.බලකොටුවක් කියන්නේ සාමාන්‍යයෙන් හමුදාව පොලීසිය ඉන්න ඕන තැනකට. පෘතුගීසිකාරයොත් ඔතන හිටියා ලන්දේසි කාරයොත් ඔතන හිටියා.ඉංග්‍රීසිකාරයොත් ඔතන හිටියා.අපේ හමුදාවත් ඔතන හිටියා දැන් අපේ හමුදාව බලකොටුවෙන් එලියට ඇවිල්ල බලකොටුව නිකං තියෙනවා.

“සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල ඔහෙන් මෙහෙන් කෑලිවල ඉන්නවා.නැවත ඔවුන් බලකොටුව කරා ගමන් කරොත් සාමාන්‍ය  ජනතාවගේ ඉඩම් ටික නිදහස් කරන්ගනත් පුලුවන්.ඒ වගේම අපේ නීත්‍යානූකූල අයිතිය තුළ අපි එතෙන්ට යන එක සාධාරණයි කියල තමයි මගේ මතය.මම ඒ ගැන යෝජනා කරලා තියෙනවා.ඒ වගේ වෙලාවකදී අර සිංහල විද්‍යාලය නැවත ආරම්භ කරල අපිට වැඩකටයුතු සිදුකරගෙන යන්න පුලුවන්“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More