දේශීය පුවත්

ISIS නායක අබු බකර් අල්-බග්ඩාඩි සැඟව සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ අමෙරිකානු මෙහෙයුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබපැතුම් එකතු කර තිබේ.

ඒ අනුව ත්‍රස්තවාදයට එරෙහි සටනේ සාර්ථක මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට තමන් සුබපැතුම් එකතු කරන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘‘ත්‍රස්තවාදයට එරෙහි සටනේ සාර්ථක මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට මම සුබ පතමි. මෙය නිසැකවම අයිසිස් කණ්ඩායමට පසුබෑමක් ඇති කරන අතර ලෝකය ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත‘‘ යනුවෙනි.

සිරියාවේ සිදු කළ මෙම අමෙරිකානු මෙහෙයුමේදී ISIS නායක අබු බකර් අල්-බග්ඩාඩි මියගිය බව ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කළේය.

I congratulate President Trump on the successful operation in the fight against terror. This would undoubtedly cause a set back to the ISIS group and help make the world a safer place.

Gepostet von Ranil Wickremesinghe am Sonntag, 27. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More