දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විද්වතුන් පන්සිය හතළිහකගේ හා ‘වියත්මග’ වැඩසටහන යටතේ පිහිටවූ අනුකමිටු විසිහතක‍ගේ අදහස් හා යෝජනා මූලික කරගනිමින් සකස් කළ එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස් හා යෝජනාද ලබාගෙන තිබෙන බවත්, මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය කල්ගෙන ජනතාව වෙනුවෙන් සකස් කළ ලියවිල්ලක් වන බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගමක පවතින අඩුපාඩු සොයා විසඳුම් ලබාදෙන ආකාරය, ජාතික ආරක්ෂාව, කෘෂිකර්මාන්තය, පොදු පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩපිළිවෙළ ඇතුළත් බවද ඒ මහතා පවසා සිටියේය.

එබැවින් ජනාධිපති වූ මොහොතේ සිටම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කළ හැකි බවත්, ලංකාවේ ආරක්ෂාව පිළිබඳව දැනුම තිබෙන කෙනා තෝරන ලෙසට ඉල්ලීමක් කළහොත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වනුයේ ගෝඨාභය රාජපක්ෂ මහතා වන බවත් මහින්ද සමරසිංහ මහතා අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More