දේශීය පුවත්

රටේ නායකත්වයට ඉදිරිපත් වී සිටින ප්‍රතිවාදී අපේක්ෂකයාට සජීවී විවාදයකට පැමිණෙන ලෙස මෙපමණ ඉල්ලීම් කර තිබියදීත්, එය මඟ හරිමින් සැඟවී සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

බියගොළු නොවී, නිවට නොවී මුළු පවුල් ගහ සමගින් හෝ ප්‍රේමදාසගේ පුතා සමඟ සජීවී විවාදයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මාවතගම නගරයේ පැවති ජන හමුවට ඊයේ(27) දින එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“අපක්ෂපාතී සජීවී විවාදයක් සිදු කරන විට, රටේ මුළු ජනතාවටම රටේ අනාගත නායකත්වය භාරගැනීමට සිටින අපේක්ෂකයින් දෙදෙනාගේ හැකියාව, දක්ෂතාවය, බුද්ධිය, ඥානය, දැනුම, කැපවීම, රට ගොඩනගන ක්‍රමවේදයන් දැකගත හැකි වෙනවා.

මෙපමණ ඉල්ලීම් කර තිබියදීත් ඇයි සැඟවෙන්නේ, ඇයි පැන දුවන්නේ කියා මම අසනවා. එතුමාට තනිවම බැරිනම් මුළු පවුල් ගහ සමග ආවත්,මම සූදානම් තනිවම මුහුණ දෙන්න.

එතුමා විවාද කිරීම සඳහා හොද හෝරාවක්, දසාවක්, නැකතක් එනතුරු බලා සිටිනවාද මම දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසට ලබල තියෙන හෝරාව, දසාව, ලග්නය හොඳයි.

මම එතුමාගෙන් ඉල්ලා සිටින්නේ බියගොළු නොවි, නිවට නොවි ප්‍රේමදාසගේ පුතා සමග විවාදයකට මුහුණදෙන්න එන්න කියා.අපි රටේ එකීය භාවය, ස්වෛරීත්වය, ජනතා පරමාධිපත්‍ය සුරැකීමට මම ඇප කැප වී කටයුතු කරනවා.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More