දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ජන රැලිය කළුතර නගරයේදී පැවැත්වීමට සූදානම් කෙරුණද, ක්‍රීඩාංගණයක් වෙන්කර ගැනීම කෙරෙහි බාධා සිදුවූ බව කළුතර නාගරික මන්ත්‍රීනි සන්ධ්‍යානි වීරතුංග සඳහන් පවසයි.

ඇය පවසන අන්දමට ගෝඨාභය රාජපක්ෂගේ ජන රැලිය සඳහා කළුතර දුම්රිපොළ ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට අදාළ ලිපිය සැප්තැම්බර් 25 වැනිදා ඇය විසින් නගරාධිපති එම්. අමීර් නසීර් වෙත යොමුකර ඇතත්, නගරාධිපතිවරයා එය සැලකිල්ලට ගෙන නැත.

එහෙත් නගරාධිපතිවරයා ඔක්තෝබර් 02 වැනිදා ඉදිරිපත් කළ ලිපියකට අනුව ක්‍රීඩාංගණය සජිත් ප්‍රේමදාසගේ රැලියක් වෙනුවෙන් වෙන්කර ඇත.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රීඩාංගණය වෙන්කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නගේ පෞද්ගලික ලේකම්වරයා බව නාගරික මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ රැලිය සඳහා නීතිඥ මනිලාල් ප්‍රනාන්දුගේ පාලනය යටතේ ඇති කළුතර නගරයේ පිහිටි වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට ලිපියක් භාරදුන් බව ඇය සඳහන් කළාය.

එහෙත් එම ක්‍රීඩාංගණයද කිසිම කටයුත්තක් සඳහා යොදා ගැනීමට නොහැකි වන ආකාරයට නගරාධිපතිවරයා විසින් උසාවි තහනම් නියෝගයක් ගෙන තිබේ.

ඒ අනුව ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂගේ අවසන් රැස්වීම සඳහා එම ක්‍රීඩාපිටි දෙකම ලබා ගැනීමට නොහැකි බවත්, මෙය විශාල අසාධාරණයක් බවත් ඇය වැඩිදුරටත් කීවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More