දේශීය පුවත්

2018 පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩ්මීර් පුටින්ට එරට ජනතාව 76.6% ජනවරමක් ලබා දුන් බවත් ශ්‍රී ලාංකිකයන් මෙවර ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එවන් ජනවරමක් ලබා දිය යුතු බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය.

එළඹෙන ජනාධිපතිවරනයේ දී මව්බිමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන නියෝජිතයන් අමතමින් ඒ මහතා එසේ පැවසීය.

“ගෝඨාභය මැතිතුමා දිනන බව ඕනෑම කෙනෙක්ට තේරෙන දෙයක්. එත් එතුමාව 50% එක චන්දෙකින් දිනවල වැඩක් නෑ. අපි ලබන මාර්තු මාසේ ජිනීවා යන්න ඕන. එතුමා දැනටමත් කියල තියෙනවා මංගල සමරවීරගේ මහා පාවා දීම එහෙම නැතිනම් “සමඅනුග්‍රාහිකත්වය” රටේ අනුමැතියක් රහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අත්සන් කළ දෙයක් බව. ඒ මහා පාවා දීම ආපස්සට හරවන්නනම් ලෝකයට අප පෙන්වන්න ඕනා ශ්‍රී ලංකාවේ මිනිස්සු සාතිශය බහුතරයක් ගෝඨාභය සමග සිටිනවා, එතුමාගේ අදහසත් එක්ක එකඟයි කියල. ඒක පෙන්වන්න තියෙන අගනා අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. ඒකයි අප ඔබලාට ආරාධනය කරන්නේ මහන්සි බලන්නේ නැතිව මේ පාර ලංකාවට ඇවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දෙන්න කියලා.

මුළු බටහිර ලෝකයම විරුද්ධ වෙද්දී පුටින්ට කෙලින් වැඩ කරන්න පුළුවන් වුනේ රුසියානුවන් එතුමත් එක්ක හිට ගත්ත නිසා. අපත් මේ වෙලාවේ රුසියානුවෝ පුටින්ට දීපු සහාය ගෝඨාභයට ලංකාවේදී දෙන්න ඕනා. මහාචාර්ය ජයසුමන මහතා වැඩි දුරටත් පැවසීය.

ඊ. ජයතුංග ඩුබාහි සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More