දේශීය පුවත්

දීපවාලී උත්සවය අදයි

October 27, 2019 2:53 am | Lanka Lead News

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත.

“ආලෝක පේලිය” යන අර්ථය සහිත දීපවාලි උත්සවය හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික මංගල්‍යයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ නිමිත්තෙන් සුබපැතුම් එක් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්කර දුන් ඓතිහාසික සැමරුමක් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීපවාලි සැමරුම් පණිවිඩය මඟින් දක්වා ඇත්තේ මනුෂ්‍යත්වය රජ වී සාමය සමාදානය උදා වී සිය පුද්ගලික අභිමතාර්ථ සපුරාගැනීම පිණිසම නොව අන්‍යන්ගේ යහපත කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය යන්න දීපවාලියේ ඉගැන්වීම බවයි.

මේ අතර දීපවාලි උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් හෙට මුස්ලිම් පාසල් හැර සියලු දෙමළ මාධ්‍ය පාසල් සදහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

එදින වෙනුවට වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More