දේශීය පුවත්

ප්‍රති අපනයනය කිරීමේ අරමුණින් කිසිදු බෝගයක් ලංකාවට ගෙන්වීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (26) පෙරවරුවේ දියතලාව පැවැති ජන හමුවක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ගම්මිරිස් කුරුඳු වැනි සුළු අපනයන බෝග ගොවීන් හොඳ මිලක් ලබා ගත්තද වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රති අපනයනය සඳහා අවස්ථාව සැලසීම නිසා මේ ගොවීන් ගොවීන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

පොහොර නොමිලේ ලබාදීම, ගොවි ණය කපා හැරීම, කෘෂි කර්මාන්තයට සම්බන්ධ කර්මාන්ත වලට බදු සහන ලබා දීම, ආදී දේ මගින් ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීම සහ රට අහරින් ස්වයංපෝෂිත කිරීම බලාපොරොත්තු ව බවද ඒ මහතා පැවසී ය .

කෘෂි ක්ෂේත්‍රය ට අවශ්‍ය බීජ ලංකාවේ දීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවැසීය .

ඇසුරුම් කිරීමේ දී, ගබඩා කිරීමේ දී සහ ප්‍රවාහනයේ දී එළවළු නාස්තිය අවම කිරීමටත්, ඒ සඳහා කෘෂි කර්මාන්තය හා සම්බන්ධ කර්මාන්ත ඇතිකර ගොවි පවුල්වලින් නව ව්‍යවසායකයන් බිහි කිරීමටද සැලසුම් කර ඇතැයි එහි දී ඒ මහතා සඳහන් කළේය.

රටට විදේශ විනිමය ගෙනෙන තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සමාගම් බද්දෙන් නිදහස් කොට එම සමාගම් වලට රැකියා අවස්ථා බිහි කරමින්, පරිගණක තාක්ෂනය ආශ්‍රිත ව ඩොලර් බිලියන 3ක පමණ විදේශ විනිමයක් රට වෙනුවෙන් ඉපයීම සඳහා අවස්ථාව උදා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් මෙන්ම විශාල ජනකායක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More