ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමේ අඩනිරුවත් ඡායාරූප පලකොට ඇති බව වාර්තා වේ. ඊයේ (25) රාත්‍රියේ සිදුවූ මේ සිද්ධිය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය වී තිබු බව වැඩ දුරටත් සඳහන් වේ.
කෙසේ හෝ අද අළුයම් කාලය වන විය යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී තිබේ. එය කාගේ හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නොමැතිනම් සයිබර් ප්‍රහාරයක් ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ම කරුණු හෙළිවී නැත.
මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳව මේ වන විට කරුණු සොයා බලමින් සිටින බවය. එමෙන්ම ට්විටර් ගිණුමේ පළකර තිබු සටහන් ඉවත් කිරීමට පියවර ගත් බවත් කිසිම අයුරකින් ට්විටර් ගිණුම අක්‍රිය කිරීමට කටයුතු නොකළ බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...