පුරවැසි කොලම

රාජපක්ෂ බත් කෑම !

October 26, 2019 3:27 pm | Lanka Lead News

රාජපක්ෂලා ගේ ගෙදරින් හොඳහැටි බත් කෑ පිරිසක්, 2015ට පෙර සිටිය හ. ඒ කාලයේ ඔවුන්ට රාජපක්ෂ බත් තරම් රසවත් බතක් මේ තුන් ලෝකයේවත් නො තිබිණි.

ඒ අනුව ඔවුන් තුන්වේලට ම කෑවේ රාජපක්ෂ බත් ය. ඇතැම්හු රාජපක්ෂ බත් ඔතාගෙන ගෙදර ගෙන ගිය හ. ගෙදර උන්දෑලාටත් ඒවා කන්නට දුන් හ.

බතේ රස දැනෙන්නට, දැනෙන්නට රාජපක්ෂලා ගේ මැදමුලන ගෙදරට රිංගූ මේ බත්බැලයෝ අවසානයේ රාජපක්ලා ගේ ගෙදර කුස්සියටත් රිංගා ගෙන දංකුඩත් සූරා ගෙන කෑ හ.

එකල දේශප්‍රේමි, ජාතිකවාදී මුහුණුවරින් පෙනී සිටි මේ බත්බැලයෝ සැබැවින්ම සකලබුජංලා ය. සකල – බුජංලා යනු ‘සියල්ල බුදින්නෝ’ ය. මේ සකල – බුජංලා ගේ බත්කෑම එසේ මෙසේ එකක් නො වේ. ඔවුහු ඉස්මුරුත්තාවට එනතුරු බත් ගිලින්නෝ වෙති.

එකල ඔවුහු දිනපතා ඉස්මුරුත්තාවට එනතුරු රාජපක්ෂ බත් කෑ හ.

රාජපක්ෂ ගෙදර කුස්සියෙන් බත් කමින් සිටි බත්බැලයන්ට, රාජපක්ෂ බත් කොපමණ රස වැටුණා ද යත් අවසානයේ, තම තමන්ට බත් හට්ටි උයාගැනීමේ අවශ්‍යතාව මතු වුණු අතර, ඒ සඳහා රාජපක්ෂ කුස්සියට වැඩක් දීමට කල්පනා කළ හ.

ඒ සඳහා කුමන්ත්‍රණ කළ හ. කුස්සියට වැඩක් දීමේ වැඩසටහනක් දියත් කළ හ. බත් වලිප්පුව වැළඳුණු බත්බැලයෝ එකට එකතු වී, සියල්ල සැලසුම් කළ හ.

කුස්සිය පිටුපස සිදු කරමින් සිටි කුමන්ත්‍රණය නොදත් රාජපක්ෂලා, දිගින් දිගට බත් උයමින්, බත්බැලයන්ට බත් උයා දෙමින් සිටිය හ.

බත්බැලයන් කියා සිටියේ මෙපමණ බත් තනියෙන් කෑම අසාධාරණ බවත්, රටේ ජනතාවටත් මේ බත්කෑමට දිය යුතු බවත් ය. ඒ සඳහා දන්සැලක් සංවිධානය කළ යුතු බවත් කියා සිටිය හ.

සියල්ලට වඩා නම්බුකාරකමත් වැදගත් ය.

ඒ අතරේ, ජාතික දන්සැල සංවිධානය කරමින් ද, රාජපක්ෂ බත් කමින් ද සිටි මහින්ද අමරවීර, අපූරු කතාවක් කීවේ ය.

‘අපි දැන් ඇති වෙන්න කාලා ඉන්නෙ. අලුත් අය ඇවිල්ලා කන්න ගත්තොත්, මුල ඉඳන් ම කාවි. අපි දැන් කාලා ඉන්න නිසා, අපට තව කන්න තියෙන්නෙ, ඩෙසර්ට් එකක විතර ප්‍රමාණයක්. ඒ නිසා අපට ම කන්න දෙන්න.’

අවසානයේ බත්බැලයන් ගේ කුමන්ත්‍රණයට සියල්ලෝ සම්බන්ධ වූ හ.

බත්බැලයෝ ජයගත් හ.
ඩෙසර්ට් එකක ප්‍රමාණයක් කෑමට ඉල්ලූ මහින්දර අමරවීර ද, ජාතික දන්සැලේ බත්කෑමට ගියේ ය.

අවසානයේ ජනතාව, ජාතික දන්සැලේ බත්කෑමට පෝළිම් ගැසී සිටිය හ. එහෙත් හම්බ වුණු බතක් නැත.

බත්බැලයන් ගේ කුමන්ත්‍රණය සිදු වූ 2015දී, බත්බැලයන්ට තිබුණු අසහනය අපට අමතක නැත. ඔවුහු, දිවා රෑ නොබලා වෙහෙස වෙමින්, අවලාද නගමින්, රාජපක්ෂලා ගේ කුස්සියට එරෙහි ව, ජනතාවට බත් දෙන ජාතික දන්සැල සංවිධානය කිරිමේ ජාතික මෙහෙවරේ, නියැළී සිටිය හ.

ඔවුන්ට අවශ්‍ය වූයේ, රාජපක්ෂ බත්කෑමෙන් ඇති වූ ලැජ්ජාව වසා ගැනීමට ය. දිරවා ගත නොහැකි වූ, ජරාව වමනය කිරීමට ය. එක්කෝ වමනය කරන බව පෙන්නීමට ය.

එහෙත් අවසානයේ සිදු වූයේ කියූ දෙය නො වේ. ජාතික දන්සැලට පැන, රාජපක්ෂ කුස්සියේ බත් කෑ බත්බැලයන් ම, බත් කෑම ය.

ඒ දන්සැලේ බත්කෑවෝ, රාජපක්ෂ බත් කෑ, බත්බැලයෝ ම ය.

ජනතාවට ලැබුණු බතක් නැත. ‍‍ඩෙසර්ට් එකක් නැත. ජාතික දන්සැල පිළිබඳ ව රසවත් සිහින දකිමින් සිටි ජනතාව දැන් හූල්ලමින් සිටිති.

දැන් බත්බැලයන් ගේ කුසගිනි සෑහෙන පමණට නිවී ගොසිනි.

දැන් 2015 තිබුණු අසහනය නැත.
කුසගින්න නැත.
දැන් ඔවුන් නිවි ගොසිනි.
කෑදර නැත.

ඇති පමණට, තම තමන් ගේ මුට්ටිවලින් බත් කෑ ඔවුන්ට දැන් ජාතික දන්සැල් උවමනා නැත.

එහෙත් ජාතික දන්සැලේ තිබී දෙයියන් ගේ හාල් කැවුණු කොල්ලා පමණක්, ‘ අනේ ජාතික දන්සැලෙන් බත් කන්න එන්න’ යයි කියමින් පිස්සු විකාරයෙන් රටේ ජනතාවට, කෑ ගසයි.

– කුමාර ලියනගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More