දේශීය පුවත්

දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරවීම සඳහා ඉදිරියේදී නීතිමය බැඳීමක් ඇති කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද කොළඹදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දේශයේ අපේක්ෂාව ලෙස නම් කර ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී සිදු කෙරුණි.

මේ අවස්ථාවට මහාසංඝරත්නය,ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන්,කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහනය, සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිය ප්‍රතිපත්ති හා සැලසුම් මාලාවක් පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලදී එළිදැක්වුණු අතර ආපේක්ෂාවේ උදානය ලෙස නම්කර ඇති මෙය ඒ සියලු ප්‍රකාශයන්ගේ එකතුවයි.

කිසිදු ජන කොටසක් තුළ අන්තවාදයක් ගොඩ නැගීමට ඉඩ නොදෙන බවත් එහිදී අදහස් දැක්වු අනුර කුමාර මහතා කියා සිටියේය.

එසේම අවුරුදු 5කින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශ්‍රාම වැටුප නතර කරන බවත්, ජනාධිපතිවරු මහජන මුදලින් නඩත්තු කිරීම නතර කරන බවත්, කැබිනට් මණ්ඩලය 30කට සීමා කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More