දේශීය පුවත්

පවතින ආරක්ෂක වාතාවරණය අනුව ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ ආරක්ෂක භට සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ දමා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් මෙතෙක් ඔවුන්ට හිමිව තිබූ ආරක්ෂකයන්ට අමතරව මෙම ආරක්ෂක භටයන් 215 අනුයුක්ත කර තිබේ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර දිසානායක මහතා තමන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානයට දන්වා ඇත. මහේෂ් සේනානායක මහතා ප්‍රමුඛ සෙසු අපේක්ෂකයන්ට ද ඔවුන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් කොට අවශ්‍ය ආරක්ෂක භට සංඛ්‍යාව ලබා දෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මේ අයට අමතරව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ද අමතර ආරක්ෂක භටයන් 50 දෙනකුගේ ආරක්ෂාව සපයා ඇත. ඒ දැනට විපක්ෂ නායකවරයා ලෙස ඔහුට ලබා දී තිබෙන ආරක්ෂාවට අමතරවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More