දේශීය පුවත්

රජයේ පොහොර සමාගමක් විසින් ආනයනය කරන ලද සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් විසි හතර දහසක (24,000) සාම්පල රසායනාගාර පරීක්ෂණවලදී නිසි ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇති බවත්, මේ නිසා ඉදිරි කන්නයේදී යූරියා පොහොර හිඟයක් ඇතිවිය හැකි බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පොහොර සමාගම් විසින් මෙරටට පොහොර ආනයනය කිරීමෙන් පසු කාර්මික තාක්ෂණ ආයතනය (ITI) ඇතුළු විද්‍යාගාර කීපයකදී පරීක්ෂාවට ලක් කෙරේ.

රජයේ පොහොර සමාගම්වලින් වී වගාව සඳහා ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් මෙලෙස ප්‍රමිතියෙන් තොර බවට අනාවරණය වී ඇතැයිද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වී වගාවට අවශ්‍ය පොහොර චීනය, යුක්රේනය, රුසියාව, කටාර් ආදී රටවලින් ආනයනය කරන අතර, මීට පෙර අවස්ථා කීපයකදී ද එම ආනයනික පොහොර තත්ත්වයෙන් බාල බවට අනාවරණය වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

තත්ත්වයෙන් බාල පොහොර තොග වරායේ ගොඩගසා තිබෙන බවත්, යූරියා පොහොර අවශ්‍යතාව උත්සන්න වූ පසු, කෘෂිකර්ම අමාත්‍යාංශයේ, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහ රජයේ පොහොර සමාගම් බලධාරීන් එක්ව එම තොග වරායෙන් මුදාගෙන ගොවීන්ට බෙදාදීමට සැලසුම් සකස් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳ විමසීම සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂිකා ප්‍රියංගා එච්. හඳුන්හේවා දුරකථනයෙන් ඇමැතීමට කිහිප අවස්ථාවකදී උත්සාහ කළද ව්‍යර්ථ විය.

අනතුරුව ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩිගෙන් කළ විමසීමේදී කියා සිටියේ එවැනි තත්ත්වයක් පිළිබඳ තමා දැනුවත්ව නොමැති බවය. ආනයනය කරන සෑම පොහොර සාම්පලයක්ම සිය පොහොර සමාගමේ විද්‍යාගාරවලදී පරීක්ෂාවට ලක්කරන බවත්, ප්‍රමිතියෙන් තොර පොහොර ගොවීන්ට නිකුත් නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

මහ කන්නයට අවශ්‍ය පොහොර තොග දැනටමත් ආනයනය කර තිබෙන බවත්, ඒවා බෙදා හැරීම සඳහා ගබඩා කර තිබෙන බවත් සභාපතිවරයා කීවේය.

අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More