දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂික දේශපාලනයෙන් මිදී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමා කරමින් 28 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත අතර, අනතුරුව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙස් විදෙස් බුද්ධි අංශවලින් සිදුකරනු ලැබූ ජනමත සමීක්ෂණ වාර්තා කිහිපයක් ජනාධිපතිවරයාට ලැබී ඇති බව අතර එම කරුණුද සැලකිල්ලට ගනිමින් සහය දෙන්නේ කාටද යන්න ජනාධිපතිවරයා මේ වනවිටත් තීන්දු කර අවසන් බවත් එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනව සිටින බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධානීන් විසින් මීට පෙර පවසා තිබුණි. කෙසේ වෙතත්, නාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More