දේශීය පුවත්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව ඇති බට තොරතුරු වාර්තා වේ.
විදෙස්ගතව සිටියද මෙරට නියෝජිතයින් ගණනාවක් සමග දුරකතන මාර්ගයෙන් සිදුකළ සාකච්ඡාවලදී ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණ සහිතව ඇය දිවයිනට පැමිණෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශි කිරීම ඇගේ ප්‍රමුඛතම අපේක්ෂාවක් වී ඇති අතර ඒ වෙනුවෙන් පාර්ශ්ව ගණනාවක් සමග පසුගිය කාලයේ සාකච්ඡා සිදුකර තිබුණි.
ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයින් සහ ආසන සංවිධායකවරුන් බහුතරයක් ද සිටින බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ද සූදානමින් සිටින බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප සම්මේලනයක් කැදවීමට සැලසුම් කර ඇති බවටත් තොරතුරු වාර්තාවේ.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දේශපාලන තීන්දුව කුමක්වේද යන්න පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂවල මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ද යොමුව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී රැස්විය.
කෙසේ වුවද කුමාර වෙල්ගම මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කර ඇති බැවින් එම කදවුරට අවාසි සහගත තීන්දුවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ සංවිධානය රැගෙන නොයනු ඇති බවටද පක්ෂ විපක්ෂ දේශපාලකයෝද මත පලකරමින් සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More