දේශීය පුවත්

ව්‍යාජ ඔප්පු සකස්‌ කර තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අන්සතු අක්‌කර 80 ක ඉඩම් කොටස්‌ දෙකක්‌ විකිණීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොහොයුරකු වන රිෂ්කාන් බදුර්දීන් ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (24 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

රිෂ්කාන් බදුර්දීන් ඇතුළු පිරිසක්‌ ව්‍යාජ ලෙස ඔප්පු සකස්‌ කර හිමිකරගත් එකී ඉඩම් පසුව වෙනත් පාර්ශ්වයකට විකුණා දැමූ බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා එකී ජාවාරම මෙහෙය වූ බව කියන ඔහු සහ එලෙස ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීමට දායකත්වය දැක්‌වූ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස පසුගිය ජූලි 18 වැනිදා අධිකරණය විසින් නියෝග කොට ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එකී නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැර ඇතැයි පවසමින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණයට කරුණු දැක්‌වීය.

අධිකරණය එලෙස නියෝග කිරීමෙන් පසුව එම ඉඩම් හිමි මොහොමඩ් අබ්දුල් කාසිම් නමැත්තාට විටින් විට දුරකථන මඟින් තර්ජන එල්ල වන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් එලෙස තර්ජනය කරන පුද්ගලයන් පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කිසිදු උනන්දුවක්‌ නොදක්‌වන බවත් මෝසමක්‌ මඟින් නඩුව කැඳවූ අවස්‌ථාවේදී නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා ඉදිරිපත් කරනවා හැර සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම බලවත් සැකයකට හේතුවක්‌ බවත් එහිදී අධිකරණයට පැවසූ පැමිණිලිකාර ඉඩම් හිමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා නඩුවක සාක්‍ෂිකරුවකු වන සිය සේවාදායකයාට එල්ල වන එකී තර්ජන පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට අවසර ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එකී කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරිය වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ ලබන 28 වැනිදා එම පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක්‌ සටහන් කර විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරනා ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More