දේශීය පුවත්

නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබී තහනම් වල්නාශකයක් වන ග්ලයිපොස්පෙට් පොහොර පැකට් 458 ක් (කිලෝ 45ග්‍රෑම් 800) සමග අතඅඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා සෙට්ටිකුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ඒකාබද්ධව සිදුකරන ලද සෝදිසියකදී වවුනියාව ගුවන්හමුදා කඳවුර ඉදිරිපිට පිහිටි වෙළඳ සැලක සඟවා තිබියදී මෙම ග්ලයිපොස්පේට් තොගය එම වෙළඳසැලේ හිමිකරුද සමග අත්අඩංගුවට ගෙන ඇත.

සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්යා බලකා කඳවුරේ පොලිස් පරික්ෂක කරුණාතිලක සහ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ උපපොලිස් පරික්ෂක තෙන්නකෝන් ඇතුලු පිරිසක් විසින් මෙම ග්ලයිපොස්පේට් තොගය සොයාගෙන ඇත.

අදාල ග්ලයිපොස්පේට් තොගය දඹුල්ලේ සිට රැගෙන ආ පොහොර තොගයක අතරමැද සඟවා වවුනියාවට රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සමග ග්ලයිපොස්පේට් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා සෙට්ටිකුලම් පොලීසිය වෙතට භාර දීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More