දේශීය පුවත්

ඉස්‌ලාමීය සංවිධාන 436 ක්‌ මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මොහොමඩ් රිµdයිදීන් මොහොමඩ් මලික්‌ මහතා ලබාදුන් ප්‍රකාශ අනුව අනාවරණය වන්නේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක්‌ මගින් දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ලියාපදිංචි කරන ලද ඉස්‌ලාම් පල්ලි 2599 ක්‌ ඇති බවත් ඉන් 80 ක්‌ පමණ තව්හීද් ජමාත් සංවිධානවල පරිපාලනය යටතේ පවතින බවත් එම දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාව මගින් අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.

ලියාපදිංචි නොකරන ලද මුස්‌ලිම් පල්ලි 951 ක්‌ හා ලියාපදිංචි නොකරන ලද තව්හීද් ජමාත් පල්ලි 16 ක්‌ ඇති බවත් මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යන බවත් එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය. ත්‍රිකුණාමලය සිවිල් අභියාචනාධිකරණය 2017.9.27 වැනිදා ඉස්‌ලාමීය සංවිධාන ලියාපදිංචි කිරීම අත්හිටුවා නියෝගයක්‌ නිකුත් කළ බවත් එම දිනයෙන් පසු එවැනි සංවිධාන කිසිවක්‌ ලියාපදිංචි කර නැති බවත් මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලබාදුන් ප්‍රකාශය අනුව පෙනී යන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ පරිදි පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්‌ත බෝම්බ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට හා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා ලබාගත් ප්‍රකාශ අනුව එම කරුණු හෙළිවූ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.
Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More