දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දීමෙන් මුස්ලිම් ජනතාවට සාධාරණයක් ඉටු නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්පාර අක්කරෙයිපත්තු නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අම්පාර අක්කරෙයිපත්තු නගරයේ දී ජනරැළියක් පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

‘‘සිංහල නායකයන් සිංහල ප්‍රදේශවල ජාතිවාදය වපුරනවා. මුස්ලිම් නායකයන් මුස්ලිම් ප්‍රදේශවල ජාතිවාදය වපුරනවා. ජාතිවාදය අවුස්සලා එක ආණ්ඩුවේ ඉන්නවා
ගෝඨාභය වළක්වන්න සජිත්ට දෙන්නලු. සජිත්ට අභියෝගයක් කරනවා. ගෝඨාභය විවේචනය කරපු තැනක් කියන්න‘‘

අපි සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. සහෝදරයන් ලෙස ජීවත්වන රටක් හදනවා. අපි සමග එකතුවෙන්න කියල සියලු දෙනාට ආරාධනා කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More