දේශීය පුවත්

ත්‍රස්තවාදි ක්‍රියාවන් වල නිරත වන හා ත්‍රස්තවාදි ක්‍රියාවලට හවුල් වන හැම කෙනෙකුටම තම පාලන කාලය තුළදී මරණීය දණ්ඩයනය ක්‍රියාත්මක කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (24) බද්දේ ගම ප්‍රදේශයේදි පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“ත්‍රස්තවාදීන් සිරගත වු විට සිදුවන්නේ ඒ සිරගෙදර තුළ සිට ඒ ව්‍යාපාරයට තවත් ත්‍රස්තවාදින් බදවා ගැනීම.ආගමික අන්තවාදය උපයෝගි කරගෙන ඒ ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම ඔවුන් සිදුකරනවා.ඒ නිසා මම කශේරුකාව කෙලින් තියාගෙන මේ ප්‍රකාශය කරන්නේ.ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන අය සේම ත්‍රස්තවාදයට හවුල් වන අයටත් මරණීය දණ්ඩණයට මුහුණ දෙන්න සිදුවෙනවා.

අපගේ නීතිය හා සාමය ඇමති ලෙස පත්වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සදහා සහය ලබාදෙනවා.ආරක්ෂක හමුදාවට ,පොලීසියට,සිවිල් ආරක්ෂක ක්ෂත්‍රයට නවින පුහුණුව ලබාදී ,නවීන යුධ ආයුධ,නවීන උපක්‍රම ලබාදී නවීන වැඩපිළිවලක් තුළින් අපේ රටේ ආරක්ෂක අංශය ශක්තිමත් ස්ථාවරයකට ගෙන එන්න අපි කටයුතු කරනවා.බුද්ධි අංශ නිර්දේශපාලනී කරණය කරනවා.

දශක ගණනක් මුලුල්ලේ රටේ කුඩු ව්‍යාපාරය ප්‍රචලිතව තිබෙනවා.මේ කුඩු ව්‍යාපාරය විනාශ කළ යුතුයි. ඊසි කෑෂ් (EAZY CASH ) ක්‍රමයට කුඩු ව්‍යාපාරය කර අපේ රටේ අනාගය භාරගන්න ඉන්න දරුවන් විනාෂ කරන , කුඩු ජාවාරම් කරුවන්ට මම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න මම කිසි විටක පැකිලෙන්නේ නැහැ.හිටපු ජනාධිපති තුමාගෙන් මරණිය දණ්ඩණය ගැන මාධ්‍යය වේදියෙක් ප්‍රශ්න කරනවා.ඔහු කියනවා මරණිය දණ්ඩණයට විරුද්ධයි කියලා.විරුද්ධ පාර්ශවයේ දේශපාලන ක්‍රියාවලියට කුඩු කප්පිත්තෝ සහය දෙනවා.මීගමුව හිතවතාගේ නිවසේ රණවිරුවන් කුඩු අල්ලද්දි රටේ ප්‍රධානියා හෙලිකොප්ටරයෙන් ඇවිත් කුඩුකාරයා බදාගෙන විශේෂ කාර්යය බලකායට එතනින් යන්න කිව්වා.මෙවන් තත්වයකදී කුඩු කප්පිත්තන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවට කැමති වෙයිද? කිසිම මොහොතක මම කුඩු ව්‍යාපාරිකයින් සමගින් සම්බන්ධ වෙන්නේ නැහැ.කුඩුකාරයින්ගේ සල්ලි වලින් සජිත් ප්‍රේමදාස පෝෂණය වෙන්නේ නැහැ.” ලෙස ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More