දේශීය පුවත්

මේ මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ විශේෂ හමුවක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ සඳහා දිවයිනම ආවරණය වන පරිදි ශ්‍රීලනිපය නියෝජනය කරමින් සියලුම ප්‍රාදේශීය සභා, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.

එහිදී ඔවුන් එජාපෙ ජනපති අපේක්ෂකයාට සිය සහාය ලබාදෙන්නේද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම හමුව මාධ්‍යයට විවෘත කර නොමැති අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද විදෙස්ගතව සිටින බැවින් හමුවට එක්ව නොමැති බව වාර්තාවේ.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සිදුකරනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More