දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂ ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදි හදුන්වා දුන්නේය.

එය නම් කර ඇත්තේ, ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙසය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හා පූජ්‍ය පක්ෂය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශපාලනඥයින් වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියේය.

ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය වෙත සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිරිණමනු ලැබීය.

අනතුරුව එය පිරිණැමුණේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙතයි.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ඒකීය රටක් බවත්, එය කිසිවෙකුටත් බෙදා වෙන් කිරීමට ඉඩ නොදෙන බවයි.

ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින් බාගත කරගන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More