දේශීය පුවත්

ලෝකයේ වටිනා ස්වභාවික සම්පත් මෙන්ම මානව සම්පතද පොහොසත් රටක් ලෙස ලංකාවේදී එම සම්පත්වල සැබෑ වටිනාකම් පාදාගන්නට ජනතාවට බලයක් ලබාදිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

ඛනිජ සම්පත් අතින් විශාල විවිධත්වයක් ඇති ලංකාවේ ඉල්මනයිට් හොඳම ප්‍රතිශතයක් සහිත ඛනිජ වැලි නිධියක් පුල්මුඩේ පවතින බවද සියවස් ගණනක් තිස්සේ ලංකාවේ මැණික් ආදී ස්වභාවික ඛනිජ සම්පත් ලෝකයේම වටිනා සම්පත් ලෙස පිළිගැනෙන බවද දුමින්ද නාගමුව පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සමාජවාදී අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම සඳහා මහනුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට පැවති ජනතා රැළිය අමතමිනි. ඇතැම් මානව විද්‍යාත්මක සමීක්ෂන අනුව ලෝකයේ බුද්ධිමය ධාරිතාව අතින් ඊශ්‍රායලයේ ජනතාවට සමාන්තර බුද්ධිමය ධාරිතාවක් ලාකංකියන්ට ඇති බව ප්‍රකාශවන බවද ඔහු පැවසීය. මීට අමතරව මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු අනුව මෙරට රත්රන් ඇතිබවට මෑතකදී හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන දුමින්ද නාගමුව එවැනි වටිනා ස්වභාවික සම්පත් නිසි ලෙස භාවිත කරමින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළට එසවීමට නම් ඒ ජනතාවට බලය හිමි විය යුතු බව දුමින්ද නාගමුව පැවසීය.

මේ දක්වා විවිධ ආණ්ඩු විසින් මෙරට ස්වභාවික සම්පත් කොල්ලකෑමට ඉඩ දෙමින් විදේශයන්ට විකිණීම පමණක් සිදුකළ අතර සම්පත් නිසි ලෙස යොදාගෙන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ නිෂ්පාදනීය ක්‍රියාදාමයක් ආරම්භ කිරීම සිදුකර නැත. ප්‍රධාන අ2පේක්ෂකයන් ලෙස හඳුන්වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති යනු මේ දක්වා සියල්ල විකිනීමේ පිළිවෙත ඉදිරියට ගෙන යාම පමණකි. තවදුරරටත් පාලක පන්තියේ කණ්ඩායම්වලට නැවත නැවත බලය මාරුකරන තීරණ ගතහොත් ලංකාවේ පවතින කිසිදු සම්පතක් ඉතිරි නොකර සියල්ල අවසන්කර දමන කොල්ලකාරී ආර්ථිකය ඉදිරියටත් පවත්වාගෙන යනු ඇති බවද ජනතාවගේ මූලිකත්වයෙන් සමාජ පාදක ආර්ථිකයක් බිහි කිරීමෙන් ස්වභාවික හා මානව සම්පත් නිසි ලෙස භාවිත කිරීමටත් මානව සමාජයේ අරමුණු වෙනුවෙන් යෙදවීමටත් හැකිවනු ඇත. එවැනි සාධනීය සමාජ ආර්ථික ක්‍රියාවලියක් ඇතිකරන්නට නම් ඒ සඳහා අවංක අභිලාෂය ඇති ජනතා බලයක් වෙත බලය ලබා දිය යුතුව ඇත. මෙවර ජනාධිපතිවරණයේදී කුළුගෙඩිය ඉදිරියෙන් කතිරය සලකුණු කරමින් එවැනි ජනතා බලයක් පාලන බලයට පත්කිරීමේ පියවර ඉදිරියට තබන ලෙස පෙ.ස.ප. අපේක්ෂක දුමින්ද නාගමුව ජනතාව හමුවේ කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More