Notice Board

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (25) එළිදැක්වීමට නියමිතය.

නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේ අද උදේ 9 ට පැවැත්වෙන උත්සවයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට ඉදිරිපත් කරන අතර, ‘සාර්ථක දැක්මක් – වැඩ කරන රටක්’ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තේමාව වී ඇත.

හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සන්ධානගත පක්‍ෂවල නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වේ.

වියත්මග සංවිධානයේ, විද්වතුන්ගේ, දේශපාලනඥයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ, ජනතාවගේ, වෘත්තීය සමිතිවල ඇතුළු විවිධ සංවිධානවල අදහස් සහ යෝජනා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුළත් කර ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් අප වෙත පැවසීය.

සජීවී විකාශය ලංකා ලීඩ් නිිව්ස් අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තුවන්න.

?LIVE: ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම▸Launch of Sri Lanka Podujana Peramuna’s presidential candidate Gotabaya Rajapaksa’s manifesto▸கோட்டாபய ராஜபக்ஷவின் தேர்தல் விஞ்ஞாபனம் வௌியீடு

Gepostet von Ada Derana Tamil am Donnerstag, 24. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More